spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරුන් ගොනු කළ පෙත්සමට අදාළ තහනම් නියෝගය දීර්ඝ කරයි

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මත නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වළක්වාලීමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන මාර්තු මස 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

වයස අවුරුදු 60 දී තමන්ව විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

පෙත්සම ඊයේ (31) කැදවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

ඉන් පසුව මාර්තු මස 24, 28 සහ 29 යන දිනවල පෙත්සම් විභාගය පැවැත්වීමට දින නියම කල විනිසුරු මඩුල්ල දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය මාර්තු මස 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් නියෝග කළා

පෙත්සම්කරුවන් කියා සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරත වීමට හැකියාව තිබූ බවයි.

එහෙත් 2022-10-17 දින අමාත්‍ය මණ්ඩලය වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට තීරණය කල අතර එම තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර වෛද්‍යවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?