spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ජනතාව වඩාත් පරිස්සම්කාරී විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.තමුන් සතුව ඇති ඖෂධ නාස්තියකින් තොරව අදාළ ප්‍රමාණය පමණක් භාවිතා කිරීමට ජනතාව වගබලා ගත යුතු බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඒ බව සඳහන් කලා.

“මේ වෙලාවේ ඖෂධ හිඟයි. ඒ වගේම ප්‍රවාහන දුෂ්කරතා හින්දා ජනතාව තේරුම් ගත යුතු කරුණ තමයි ඉතාමත්ම පරිස්සමෙන් ජීවත්වෙන්න. තමුන්ට තියෙන ඖෂධ ටික පරිස්සම් කරගන්න. ඒ ඖෂධ නාස්ති නොකර අදාළ ප්‍රමාණයෙන් භාවිතා කරන්න. ඒ වගේම යම් කිසි රාජකාරීයක් හෝ වෙන්න පුළුවන් ගෙදර දොරේ වැඩ කටයුත්තක් වෙන්න පුළුවන් ඉතාමත් පරිස්සමෙන් වැඩකටයුතු කරන්න. මේ වෙලාවේ යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් ඔබට ප්‍රවාහන පහසුකම් සපයාගන්න බැරි වේවි. ඒ වගේම වෛද්‍යවරුන්ටත්, අනෙකුත් රෝහල් කාර්යය මණ්ඩලයටත් ප්‍රවාහන පහසුකම් සපයා ගන්න බැහැ. අනතුරුවලට පත්වීමෙන් පසු පීඩාවට පත්වීමේ හැකියාව ජනතාවට වැඩියි. ඒ නිසා අපි ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ඉතාමත් කල්පනාකාරීව ජීවත්වෙන්න. ඒ වගේම දරුවන් රැකබලා ගන්න මේ වෙලාවේදී ඉතාමත් පරිස්සමෙන්. මොකද තියෙන ඖෂධ ප්‍රමාණයන් ප්‍රමාණවත් නැහැ. රටේ සමස්ථයක් හැටියට ගත්තාම ඖෂධ තොග අඩුවෙමින් පවතිනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තාම මේ ප්‍රවාහන පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් අඩාලවීම නිසා අපේ ජීවිත යම් මට්මකින් අනතුරට පත්වෙලා තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?