spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශේෂයෙන්ම කියන්න ඕන මම කවදාවත් රැල්ලට නම් යන්නෙ නෑ

මංජුල පුෂ්පකුමාර කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂතම ගායන තරුවක්.මේ ගායන තරුව බිහිවුණේ සිරස superstar සීසන් වන් තරඟාවලියෙන්.ඉතිං ඒ ජනප්‍රියත්වය අදටත් පවත්වාගෙන යමින් මංජුල අද ක්ශේත්‍රයේ ඉහළ තැනක ඉන්නවා.ඉතිං අද අපි කතාබහකට සම්බන්ධ කරගත්තෙ මංජුල පුෂ්පකුමාරව.

ආයුබෝවන් මංජුල!!

ආයුබෝවන්!

මංජුල කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ?

ඇත්තටම මේ දවස්වල shows නම් අඩුයි.මගේ බිස්නස් කීපයක් තියනවා.ඒ දේවල් එක්ක තමයි කාලය ගතවෙන්නෙ මේ දවස්වල.

මංජුලගේ අලුත් සින්දුවක් ලඟදි රිලීස් වෙනවද?

අලුත් සින්දුවක් කරන්න වචන ටිකනම් තෝරගෙන ඉවරයි.ඒත් තාම මෙලඩි එකක් නම් කළේ නෑ.ඒත් තව මාස දෙකක් තුනක් ඇතුළත සිංදුවක් කරලා රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මංජුල මෙච්චර කාලෙකට කරපු සින්දුවලින් මංජුල කැමතිම මංජුලගෙ සිංදුව මොකක්ද?

එහෙම එකක් කියලා නම් කියන්න අමාරුයි.සින්දු වලින් මම අම්මා ගැනයි තාත්තා ගැනයි කරපු සින්දු විශේෂයි.මට වැඩියෙන් දවසක් ගීතය සහ දෙවියන් දුටිමි මා ගීතය මට ගොඩක් දැනෙන ගීත දෙකක්.ඊට අමතරව මට සිඳඟන ගීතයත් විශේෂයි.

සංගීත ක්ෂේත්‍රයේ මේ දවස්වල අපි ගොඩක් දකිනවා රැල්ලට නිර්මාණය වෙන ගීත.මංජුලට හිතෙන්නැද්ද එහෙම කීපයක් කළොත් ජනප්‍රිය වෙයි හොඳයි කියලා?

ඇත්තටම සිංදුවක් උනාම මොකක් හරි අර්ථයක් තියෙන්න ඕන.ඇත්තටම දැන් ගොඩක් නිර්මාණ බිහිවෙන්නේ අර්ථ රසයක් නැතුව.මං ඒ දේට කැමති නෑ.මොකද මිනිහෙක්ගේ මනස සුවපත් කරන දෙයක් තමයි ගීතයක් කියලා කියන්න.සංගීතය කියන්නේ තේරුමක් නැතුව ඔහේ ගලාගෙන යන දෙයක් නෙවෙයි.

මංජුල පුෂ්පකුමාරගේ පවුල විස්තර ටිකකුත් කියමු?

මගේ පවුලේ මමයි අම්මයි අයියලා දෙන්නයි.මම විවාහකයි,විවාහක පවුලේ මමයි බිරිඳයි විතරයි දැනට ඉන්නේ.මම ගොඩක් සත්තුන්ට ආදරෙයි,පුංචි බලු පැටව් ටිකක් ඉන්නවා අපි එක්ක

මංජුල කියන්නේ රියැලිටි ශෝ එකකින් බිහි වෙච්ච කෙනෙක්.ඉස්සර නම් අපිට සුපර්ස්ටාර් වගේ ගත්තොත් season 1 final 12 නම් ටික කටපාඩමින් කියන්න පුළුවන්,ඒත් දැන් සමහර රියැලිටි තරඟවල දිනුවේ කවුද කියලවත් දන්නේ නෑ.මංජුලට මොකද හිතෙන්නෙ මේ ගැන?

ඇත්තටම රියැලිටි ගෙනාවේ අපි.අපේ කාලේ තිබ්බ රියැලිටි එක ලංකාවේ හැමෝටම අළුත් අත්දැකීමක් වුනා.දැන් තියන තරඟ වගේ නෙමෙයි ඒ කාලේ අපිට පුරුදු වෙන්න එහෙම ඉඩක් තිබ්බේ නැහැ.සමහර ඒවට campaign යනවා,සමහර ඒවට සපෝට් කරන්නේ තමන්ගේ පැත්තෙ කෙනාට විතරයි.හැබැයි මම එහෙම ලොකුවට වරදක් දකින්නෙත් නෑ මොකද කාලෙත් එක්ක හැම දේම වෙනස් වෙන නිසා.අපිත් තව නම් ඒ කාලේ නැතුව මේ කාලේදී අපිටත් ඒ විදියට හැඩ ගැහෙන්න සිද්ධවෙනවා.

මංජුලට මේ වෙනකොට ජීවිතය ගැන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

මගේ පොඩි කාලෙදි තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි මම ගායකයෙක් වෙනවා කියන එක.ඒක superstar හරහා අහම්බෙන් සිද්ධ වුණා.ඊළඟ එක තමයි මගෙම කියලා මිනිස්සු අහන මිනිස්සු ආස කරන ගීත ටිකක් නිර්මාණය කරගන්න එක.ඒකත් මම කරගත්ත කියන එක මම විශ්වාස කරනවා.ඉදිරියට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මගේ ව්‍යාපාර දියුණු කරගෙන මගේ බිරිඳ එක්ක සතුටින් ජීවත් වෙන ගමන් සංගීත ක්ශේත්‍රයට හොඳ නිර්මාණ ටිකක් බිහි කරන එක.

ඒ අතරින් විශේෂයෙන්ම කියන්න ඕන මම කවදාවත් රැල්ලට නම් යන්නෙ නෑ.මොකද දැන් බිහිවෙන ගීත වල මුලින් කොස් කියලා තිබ්බොත් අග තියෙන්නෙ මල් කියලා.ගොඩක්ම අර්ථවිරහිත ගීත,ඒත් මට ඒවා විවේචනය කරන්න බෑ මොකද ඒවා නිර්මාණය වෙන්නේ නිර්මාණකරුවාගේ කැමැත්ත අනුව.විවේචනය කරන්න ගිහින් මම ඕන තරම් පාඩම් ඉගෙන ගෙන තියෙනවා.ගීතයක් බිහි වෙනවා නම් මිනිස්සුන්ගෙ මනස සුවපත් කරන මට්ටමක තියන,ඒවා තමයි හොඳම නිර්මාණ

ගායකයෙක් ට අමතරව මංජුල කියන්නේ කවුද?

ඇත්තටම දැන් මගේ විනෝදාංශය තමයි ගායනය.මම ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.මම මේ දේත් අනිවාර්යෙන්ම කියන්න ඕන,මම විවේචන කරන්න ගිහින් මට ගොඩක් අවස්ථා නැති වෙලා තියෙනවා.මම කාලයක් එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ හොඳ තැනකට එනවා කියලා හිතාගෙන වැඩ කරා.ඒත් මටම තේරුනා ඒක හරියන වැඩක් නෙමෙයි කියලා.දැන් යන්නේ වෙනස්ම විදියක්,සෝෂල් මීඩියා වල එක කවර් එකක් කරපු ගමන් මිනිස්සුන්ට shows වලට කතා කරනවා.ඒත් අපි පොඩි කාලේ දැකපු එළිමහන් ප්‍රසංග වේදිකාව බොහොම ගෞරවාන්විත එකක්.එතනදි කලාකරුවා කියන කෙනාට නියම වටිනාකමක් ලැබෙනවා.

මංජුලට ජීවිතයේ ලැබුණු හොඳම උපදෙස මොකද්ද ඒ කාගෙන්ද?

ඒ උපදෙස ලැබුණේ මගේ බිරිඳගෙන්.ඒ තමයි එක දෙයක් විතරක් බලාගෙන ඉන්න එපා කියන එක.ඒ දෙයින් මම ව්‍යාපාරිකයෙක් වුණා.නැත්නම් මම තාමත් එකම තැන.මොකද music කරලා මම දියුණු වෙන්න,වාහන ගන්න බලන් හිටියා නම් මම අදටත් දුක් වෙනවා.දැන් මම මට කැමති වාහන ගත්තා,ඒ මගේ බිස්නස් එක නිසා.ඒත් මට උපතින්ම ලැබිච්ච දෙයක් තමයි music කියන එක මම මියුසික් වලට ආදරෙයි.

මංජුලගේ ඉදිරියට කරන්න තියෙන වැඩ මොනවාද?

මගේ music වැඩ කීපයක් එන්න තියෙනවා.මේ යන විදියත් එක්ක බලලා යම්තාක් දුරකට වෙනස් වෙලා කලා කටයුතු වල වෙනස් දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සංවාදය- සචිනි සත්සරණි-

01eebf59 a675 4d65 af79 f528d079c452 1
26d63ce3 dd11 4d70 a534 b2cad06762d9 1
da5e7c9c b8d1 44b5 b3e7 2fb583b0fd43
262a6b40 55fc 45ce 8692 aac52824a5da
f5e582b8 fb8c 4d4f 9bf3 9a00d9cb19fd
e39af62a 1d32 4776 804a 26f0cc7b444a
21763a32 b933 4ccb b9fa 3fb694a932ed 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?