spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක්

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශය විසින් පවත්වා තිබේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, සංවර්ධන හවුල්කරුවන් සමඟ විශාලන ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ සවස පැවති බවයි.

මෙම සාකච්ඡාවේදී පහත සඳහන් ප්‍රධාන කරුණු 07 කෙරෙහි අවධානය යොමු විය.

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍යංශය පවසයි.

තවද වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම.

එක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය.

රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනික ලියාපදිංචි අංකයක් සමග සියලු වාහන ලියාපදංචි කරවීමට පහසුකම් සැලසීම.

ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග ස්වයංක්‍රීයව ඒ මොහොතේ යාවත්කාලින වන පහසුකම් සංවර්ධනය කිරීම

අවශ්‍යතාවය අනුව ඉන්ධන කෝටාව වැඩි කිරීමේ පහසුකම් සහ කිව්ආර් කේත නීතිවිරෝධීව සකස් කරන පුද්ගලයන් සහ භාවිතා කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබදව පිළිබඳවද එම අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?