spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩකට නැති මිනිස්සු බලයට ගේන්න තමන් මහන්සි වෙලා උපය ගත්ත දේ එක මාසෙන් ඉරාජ් නාස්ති කරගත්තා

පේශල මනෝජ් කියන්නේ දක්ෂ තබ්ලා වාදකයෙක්,ගායකයෙක් වගේම හොඳ නිවේදකයෙක්. හැබැයි ඔහු වැඩියෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තේ නිවේදකයෙක් විදියට කියලයි වැඩි දෙනෙක් කියන්නේ.ඒ කොහොම වුණත් අපි පේෂලව දක්ෂ කලාකරුවෙක් විදියට හඳුන්වමු.ඉතින් මේ සුන්දර කලා කලාකරුවාව අද අපි සුහද කතාබහක්ට එකතු කරගත්තා.

ආයුබෝවන් ! පේශල
ආයුබෝවන් !

ඉතිං පේශල මොකද වෙන්නේ?

වෙන්න තිබ්බ දේවල් කිසි දෙයක් වෙන්නෙ නෑ.වැඩට යන්න ගියාම විශ්වවිද්‍යාලයත් වහලා .මේ අර්බුද මැද්දේ ඒත් ඉතිං ඉන්නවා.

කොහොමද ජීවිතේ ගැන?

ජීවිතයේ හොඳයි වරදක් නෑ.ගෙවල් වල නම් ඉතින් ගැටලුවක් නෑ.අපි හොඳට ඉන්නවා.

පේශලට දැන් දරුවො දෙන්නයි. කොහොමද පවුලේ වගකීම තාත්තා කෙනෙක් විදිහට දැනෙන්නේ ?

වග්කීම් කියන දේවල් එක එක කාලෙට එක එක විදියට එනවා. ඒක තමයි ජීවිතේ.අපි ඒ ඒ වගකීම් වලට ඒ ඒ විදිහට මූණ දීලා ඉන්න ඕන. ඉතින් බබාලගෙ වැඩයි අපේ වැඩයි කරගෙන ඉන්නවා.මේක මාර බරක් මේක මාර වගකීමක් කියලා මම එහෙම ලොකුවට ඔළුවට ගන්නේ නෑ. මම හරිම සැහැල්ලුවෙන් ජිීවත් වෙන කෙනෙක්.

පේශල කියන්නේ අපිට පේන විදියට හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.ඇත්තටම පේශලගේ චරිතය එහෙමද?

ඒ චරිතයම තමයි.මං කැමතියි විනෝදයෙන් කාටවත් කරදරයක් නැතුව,ඇත්ත ජීවිතයේ ඒ කියන්නේ රියැලිටි එකේ ජීවත් වෙන්න.මොකද රියැලිටි එකේ ජීවත් උනාම අපිට වැටෙන්න තැනක් නෑ.මොකද අපි ඉන්නේ පොළොව මට්ටමේ නිසා.කියන දේ වුණත් අපේ හිතට එකඟව කිව්වම අද නැතත් කාලයක් ගියාම මේ දේ ඇත්ත නේ කියලා හිතට සතුටුයි.

පේශලගෙ ගම කොහෙද?

මම ඉපදුනේ ගම්පහ.මගේ අම්මා බදුල්ලෙ.මගේ තාත්තා මරදානෙ.

දැන් වයස කීයද ?

දැන් වයස අවුරුදු හතළිස් එකයි.

පේශලට කට නිසා වෙච්ච අකරතැබ්බ එහෙම තියෙනවද?

කට නිසා එහෙම ලොකු අකරතැබ්බ නම් වෙලා නෑ.මං මොනාහරි කිව්වට පස්සේ ඒකට එක එක්කෙනා බැනලා අරවා මේවා කියනවා මුලින්.පස්සේ එයාලටම හිතෙනවා අනේ මූ කිව්වේ ඇත්ත නේ කියලා.එහෙම දේවල් ගොඩක් තියනවා.අපි මිනිස්සුන්ට හිත රිදෙන්න මුකුත් කියන්නේ නැහැ.අපි කිව්වොත් ඒ දේ හිතලා බලලා කියන්නේ.හිත රිදෙන විහිළු කරන්නේ නෑ.

පේශලට මාධ්‍ය ක්ෂේත්‍රයේ හම්බුන යාළුකම් කොහොමද?

මට music වල දි හම්බුන යාලුවෝ ම තමයි මගේ මාධ්‍ය ජීවිතයෙත් ඉන්නේ.මම මාධ්‍යවේදියෝ කියලා වෙනමම ආශ්‍රය කරන්නේ නෑ.මං මාධ්‍යවේදියෙක් නෙමෙයි.මම ඇවිල්ලා entertaining programme එකක් කරන ආර්ටිස්ට් කෙනෙක්.දෙරණෙ ඉන්න යාළුවො ටික තමයි මට ඉන්නෙ.

පේශල පහුගිය දවස් වල ෆේස්බුක් එකේ ශෙයා වුණා පේශල පෝලිම පැනලා තෙල් ගහ ගත්ත විස්තරයක්.ඇත්තටම මොකක්ද ඒ උනේ?

අපේ රටේ තෙල් ප්‍රශ්නය මාස තුන හතරක් තිස්සෙ තියෙනවා.අපිත් පෝලිමේ ඉඳලා ඉඳලා තමයි තෙල් ගහගන්නෙ.මගේ වාහනේ ඩීසල්.ඩීසල් නැතුව දවස් ගානක් මාර පෝලිම් තිබ්බා.මම බැලුවා බැලුව තෙල් ගහගන්න විදියක් මට තිබ්බෙම නෑ.අන්තිම පුරුකෙ තමයි තෙල් ටික තිබ්බෙ.එදා මගේ දරුවෝ දෙන්නටම අසනීපයි.සෙම වැඩි වෙලා හොඳටම.ඒ අතරේ මගේ බිරිඳ පූර්ණිකාගේ තාත්තටත් අසනීපයි.තාත්තගේ reports ගන්න ,තාත්තට බෙහෙත් ගන්නත් යන්න ඕන වුණා එහෙට මෙහෙට.මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ.මම ඉන්නකොට දැක්කා වාහන කීපයක් තියෙනවා ඩිපෝවේ.මම එතන security එකෙන් ඇහුවා තෙල් ටිකක් දෙන්න පුලුවන්ද කියලා.එයාලා එතකොට ආ මේ දෙරණේ පේශල මහත්තයා නේද කියලා මනුස්සකමට තෙල් ටිකත් දුන්නා.උදව්වක් ඉල්ලුවම බෑ කියන්න බෑනෙ කියලා.ඒක එතන හිටිය කෙනෙක් ෆොටෝ එකක් අරන් ඉරාජ්ට එහෙමත් යවලා ඕක ප්‍රසිද්ධ කළා.

ඉතින් මේක මට ප්‍රශ්නයක් නෑ.මොකද මම දන්නවා සිද්ධ වුණ දේ.කාන්තාරෙක මිනිහෙක් අතරමං උනාම තිබහට මූත්‍රා හරි බොනවා.ඒ වගේම තමයි නිර්මාංශ මනුස්සයෙක් වුණත් කරන්නම දෙයක් නැති කමට බඩගින්නෙ මැරෙන්න යනවනම් කුණු මස්
හරි කනවා.ඒත් මට තියන ගැටලුව තමයි මේ තත්වෙට අපිව පත්වුණේ මේ රටේ තියන වැඩපිළිවෙළ නිසා..අපි වෙලාවට සල්ලි දීලා වතුර බිල් ,ලයිට් බිල්,ටෙලිෆෝන් බිල්,ගෙවලා අපෙන් රටට කරන්න පුළුවන් දේ කරගෙන පාඩුවෙ ඉන්න පුරවැසියෝ..අනිත් අය වගේම තමයි.අපිව මේ තැනට පත්වුණ එකයි දුක.

පේශල හිතන විදියට ලංකාවේ දේශපාලනය වෙනස් වෙන්න ඕන තැන කොතැන ද?

ලංකාවේ දේශපාලනය වෙනස් වෙන්න ඕන තැන තමයි මිනිස්සුන්ව අන්දන එක නතර කරන්න ඕන දේශපාලකයෝ හරහා.පාලකයන්ව අපේ ශ්‍රේෂ්ඨ රජවරුන්ට සමාන කරගෙන වගේම මහා දාර්ශනිකයන්ට සමාන කරන එක නවතන්න ඕන.රැවටෙන්න පටන් ගත්තොත් නම් ගොඩ ඒමක් නෑ.රට බේර ගන්නවා කියලා නායකයෙක් ගෙනාවා අන්තිමට ඉන්න රටකුත් නෑ කන්නත් නෑ.නිදහසේ කරගෙන හිටිය රස්සාව වත් කරගන්න බෑ.කතිර ගහනකොට හොඳට හිතලා බලලා කතිරෙ ගහන්න.

ඉතින් පේශල මේ රට ගොඩ යයි ද?

ගොඩ යනවා.හැබැයි මේ සාපෙ ඉවර වෙන්න ඕන.මේ සාප නැති දවසක රට ගොඩ යයි.පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච දවසක මේ රට ගොඩ යයි.මෙයාලා ඉන්නකං මේ රට ගොඩ යන්නේ නෑ.සොබාදහම කියලා දෙයක් තියනවා හැබැයි ඒකට බොරු කරන්න බෑ.

පේශල කොහොමද නිවේදකයෙක් උනේ?

ඒක අහම්බෙන් වෙච්ච දෙයක්.මම හිටියේ derana little star judge board එකේ.ඒකෙ ඉන්නකොට time belt එක cover කරගන්න දාපු ප්‍රෝග්‍රෑම් එකක් එක්ක තමයි මම ප්‍රෝගෑම්ස් කරන්න පටන් ගත්තෙ.

ඉරාජ් එක්ක තියෙන යාලුකම මේ දවස් වල කොහොමද?

යාලුකම තියෙනවා.ඉරාජ් හොඳ යාළුවෙක්. එයාට හොද qualities තියෙනවා.ඒ වගේම තමයි ඉතින් ගොන් වැඩත් කරනවා.වැඩකට නැති මිනිස්සු බලයට පත් කරන්න පත්කරන්න ගවුම් ඇඳගෙන නටාගෙන වැඩ කළා.තමන්ගේ quality එක නැති කරගත්තා.වැඩකට ඇති මිනිස්සු වෙනුවෙන් නම් මැරුනත් කමක් නෑ.එයා ඒ දේවල් ඔක්කොම කරේ වැඩකට නැති මිනිස්සු වෙනුවෙන්.අද මොකද ඉරාජ්ට වෙලා තියෙන්නේ..ප්‍රභාකරන්ට පාරේ බැහැලා යන්න පුළුවන් වුණත් ඉරාජ් ට පාරේ බැහැලා යන්න බෑ.වැඩකට නැති මිනිස්සු බලයට ගේන්න තමන් මහන්සි වෙලා උපය ගත්ත දේ එක මාසෙන් ඉරාජ් නාස්ති කරගත්තා.මෝඩයි ඉතිං!

පේශල ඉස්සරහට සින්දුවක් එහෙම කරන්න හිතන් ඉන්නවද?

කරන්න ඕන හැබැයි මේ අර්බුද වලින් මිනිස්සු මිදුනා ම.ඊට පස්සේ අපි සිංදුවක් කරමු.ඉස්සෙල්ලා මේ සාපෙන් ගැලවෙමු.

මොනවද පේෂලගේ ඉදිරි වැඩ?

මොකද මේ යන වැඩ ටිකම තමයි ඉතින්.එහෙම විශේෂ දේවල් නෑ.හැබැයි මට සමාජයට දෙයක් කියන්න තියෙනවා.අපි මේ වැටිච්ච තැනින් ගොඩ යමු.මේ සාපෙන් ගොඩ එන්න ගේමක් ගහමු.

සංවාදය -සචිනි සත්සරණි
Dasatha Lanka News

0d1ba163 22d4 4b8b bbac 95650334c3c5 1
7d4ef8f7 d147 47d3 acb8 44a064ace564
8fa375da 0a92 41cd b972 9e29fcf1f1c3 1 1
6192f173 d1fd 4c00 bd10 d4cfdf6cb7d3
62dc546d 14e7 422d 883e ea4bf0cee0a6 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?