spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ වීසා පෙන්නා රට පැනීමට ගිය තිදෙනෙක් කටුනායකදී අල්ලයි

කූඨ ලෙස තැනූ බ්‍රිතාන්‍ය වීසා බලපත් භාවිතයෙන් බ්‍රිතාන්‍යයට පැනයාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවා.

අද දහවල් 12.55ට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්වීමට නියමිතව තිබූ UL 503 ගුවන්යානයට ගොඩවීම සඳහා විගමන කටයුතු සිදු කර ගැනීමට මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ගුවන්තොටුපල විගමන අංශය වෙත පැමිණ තිබුණි.

ඒ මොහොතේ රාජකාරියේ නියුතු ආගමන හා විගමන නිලධාරීන් වන යූ.එම්.අය්.ආර්.කේ. වීරසිංහ, ඩී.එස්. මාගලගේ හා ඩී.සී. කරුණානායක යන නිලධාරීන් රාජකාරි සිදු කළ කවුළු වෙත පැමිණි මෙම මගීන් තිදෙනා ලබා දුන් බ්‍රිතාන්‍ය වීසා බලපත් නිරීක්ෂණය කිරීමේදී එහි නිරවද්‍යතාව පිළිබඳ මතු වූ සැකයත් මත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇත.

අනතුරුව එම මගියා සතු බ්‍රිතාන්‍ය වීසා බලපත් වැඩිදුර තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කරන ලද අතර දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් විසින් එම මගියාගෙන් වැඩිදුර ප්‍රශ්න කරන ලදී. එහිදී අනාවරණය වූයේ එම බ්‍රිතාන්‍ය වීසා බලපත් ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවයි.

මෙම තරුණයන් තිදෙනා යාපනය, මල්ලාවි සහ චාවකච්චේරි යන ප්‍රදේශවලින් පැමිණි පිළිවෙළින් 23, 25 හා 31හැවිරිදි අය වූහ.

මෙම සිද්ධිය සම්බන්ධ මූලික විමර්ශන ප්‍රධාන ආගමන හා විගමන නිලධාරීන් වන පී.ජී.ඩී.ආර්. එස්. සෙනෙවිරත්න හා ටී. එච්. රත්නායක යන නිලධාරීන් යටතේ සිදු කෙරිණි.

අනතුරුව, ආගමන හා විගමන නිලධාරීන් විසින් මෙම සිදුවීමට අදාළ ශ්‍රී ලාංකිකයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දෙන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?