spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ වහාම නිදහස් කරනු යැයි දිවුරුම් පෙත්සමක්

අද (24) දින නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොල පරිශ්‍රයේදි වසන්ත මුදලිගේ වහාම නිදහස් කරන ලෙසට බල කරමින් දිව්රුම් පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනීමක් සිදු කෙරුනා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අඛණ්ඩව දින 159 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කරන ලෙස බල කරමිනුයි මෙම අත්සන් ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වුනේ.

මෙම වැඩසටහන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය කණ්ඩායමේ සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ සමාජිකයන් විසින් සංවිධානය කර තිබුන් අතර මේ සඳහා නුවරඑළිය ප්‍රදේශයේ රාජ්‍ය සේවකයින් , පෞද්ගලික අංශයේ සේවකයින් , සිවිල් ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ බව අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?