spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වර්ෂාව නිසා උතුරේ මහකන්නයේ වී පැළවීමේ අවධානමක් (ඡායාරූප)

උතුරු පළාතේ මෙවර මහකන්නයේ ගොවිතැන් කරන ලද ගොවීන්ගේ වී අස්වැන්න නෙලීමට ආසන්නව පවතින ප්‍රදේශයන්හි ගොවීන් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

වී ගොයමේ කරල පැහී ඇති ප්‍රදේශයන්හි ගොයම් වැටී වැසි ජලය හේතුවෙන් පැළවීමේ අවධානමක් පවතින බවටත් වර්ෂාව හේතුවෙන් වී අස්වැන්න නෙලීමටද නොහැකි වීම මත උතුරේ ගොවීන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

තවද කිලිනොච්චිය හා පුනරීන් ප්‍රදේශයන්හි මේ දිනවල මහකන්නයේ වී ගොවිතැන නෙලීමේ කටයුතු සිදුවුනද පවතින වර්ෂාව හේතුවෙන් එම ගොවීන් පීඩාවන්ට පත්ව ඇති අතර ඇතැම් කුඹුරුවල වී ගොයම වර්ෂාව හේතුවෙන් වැටී වැසි ජලයට නැවත පැළවීමේ අවධානමක් පවතින අතරම වී අස්වැන්න නෙලන ලද ගොවීන්ට වී වේලාගැනීමට නොහැකි වීමෙන්ද අපහසුතාවයට පත්ව සිටිනවා.

මේ හේතුවෙන් ගොවීහු කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ බොහෝ මාර්ගවල එක් පැත්තක වී වේලාගැනිමට යොදාගැනීම නිසා ගමනාගමනයට බාධා සිදු වී ඇති බව වාර්තා වෙනවා.

වරින් වර ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මාර්ගයන්හි වී වේලා ගැනීමටද නොහැකිවීම මත වී විකුණා ගැනීමේදී තෙත වී නොගැනීම නිසාවෙන් උතුරේ ගොවීහු මහත් අපහසුතාවයට පත් ව ඇති බව ගොවි සංවිධාන මගින් පෙන්වා දෙයි.

පවතින වර්ෂාව ඉදිරියටත් පැවතුනහොත් උතුරේ මහකන්නයට ගොවිතැන් කරන ලද වී අස්වැන්න විශාල ප්‍රමාණයක් විනාශ වීමේ අවධානමක්ද පවතින බවට උතුරේ ගොවි සංවිධාන විසින් වැඩිදුරටත් පෙන්වා දෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?