spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන සංරක්ෂණ නිලධාරියෙකුට පහර දුන් මැතිවරණ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු වන නිලධාරියෙකුට පහර දී ඔහු පැමිණි යතුරු පැදියටද හානි කළ බව කියන පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

අද (05) දින මාදම්පේ, පනිරෙන්දාව රක්ෂිත වනාන්තරය අසලදීයි මෙම පහර දීම සිදුවී ඇත්තේ.

පහර කෑමට ලක්ව ඇති පනිරෙන්දාව බීට්ටු වන නිලධාරියා ප්‍රතිකාර සඳහා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් බිංගිරිය ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන එම කණ්ඩායමේ නායකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු බිංගිරිය – වැල්ලරාව පදිංචිකරුවෙක්.

පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක මායිමේ පරිරෙන්දාව රක්ෂිත වනාන්තරය පිහිටා ඇති අතර එම වනාන්තරය ආසන්නයේ සැකකටයුතු ලෙස නවතා තිබූ ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු කළ අවස්ථාවේ මෙම පහර දීම සිදුවී ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.

පනිරෙන්දාව වනාන්තරය තුළ වල්ලා පට්ටා කැපීම පසුගිය දින කීපය තුළ සිදුවී ඇති අතර වනාන්තරය ආසන්නයේ නවතා ඇති ත්‍රී රෝද රථය එම ජාවාරමට සම්බන්ධ එකක් දැයි සොයා බැලීමට තමන් කටයුතු කළ බව පහර කෑමට ලක්ව ඇති වන සංරක්ෂණ නිලධාරීන් පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

තමන් 04 වැනිදා රාත්‍රීයේ හලාවත හෝටලයක පැවති සාදයකට සහභාගි වූ බවත්, එය අවසන් වී නිවස බලා ගමන් කරමින් සිටින විට ත්‍රී රෝද රථයේ ඉන්ධන අවසන් වූ බවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති අතර තමන් මුහුණ දී ඇති තත්ත්වය තම සහෝදරයාට දැනුම් දී ඔහු එනතුරු රැඳී සිටින විට සිවිල් ඇදුමින් සැරසුනු අයෙකු පැමිණ තමාව පරීක්ෂා කිරීමට උත්සාහ කිරීම නිසා ගැටුම සිදුවූ බව සැකකරු පොලීසිට පවසා තිබෙනවා.

සැකකරු අද සවස හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුව ඇප මත මුදා හැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?