spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලස්සනට ලෝකය දකින අලුත් පරම්පරාවක් එක්ක මේ කරගෙන යන්නෙ සාමකාමී අරගලයක් – exclusive

ලංකාවේ ගායන තරු අතර ක්ශේත්‍රයේ ඉහළින්ම නම් ඇති දක්ශ ගායන ශිල්පීන්ගෙන් රූනි යනු අපි කවුරුත් ආදරේ කරන නූතන පරම්පරාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්.අද ඔහුත් සමඟ කතා බහක යෙදෙන්නට ඔහුගේ කාලයෙන් කොටසක් රූනි අපි වෙනුවෙන් වෙන් කලා.

කොහොමද මේ දවස්වල ජීවිතේ ?

මේ දවස්වල ජීවිතේ ලොකුවට හොඳක් නෑ.මිනිස්සුන්ට තියන ප්‍රශ්නත් එක්ක අපේ වැඩක්වත් හරියට කරගෙන ඉන්න බැරි කාලයක් මේක.

රූනි කියන්නෙ කව්ද?

රූනි කියන්නෙ ගායකයෙක්..

ඇයි රූනි කියලා නම වෙනස් කරගත්තෙ?

ඇත්තටම football player කෙනෙක් හිටියා රූනි කියලා.ඉතිං මටත් දවසක් match එකක් බලන්න ගිය දවසක හිතුනා මමත් රූනි කියලා නම දාගත්තොත් මට මගේ ගමනෙදි මගේ ක්ශේත්‍රයත් එක්ක මට ඉස්සරහට යන්න පුලුවන් කියලා.

එතකොට ඇත්ත නම මොකක්ද?

ඇත්ත නම ඉන්දික මංජු ශ්‍රී

රූනිට තියන ප්‍රතිචාර කොහොමද ?

ඇත්තටම මට කවදාවත් මගේ කිසි දේකට Gossip එකක්වත් bad Comment එකක්වත් වැටිලා නෑ හැමෝම මාව වැලඳගෙන තියනවා.මගේ සිංදු වලට ගොඩක් හොඳ ප්‍රතිචාර තියනවා.මම කවදාවත් සල්ලිහම්බ කරන්න සිංදු කියන්නෙ නෑ.මට ගැලපෙනවා නම් මට set වෙනවා නම් විතරයි මම සිංදුව කියන්නෙ.

මේ දවස් වල කොහොමද ක්ශේත්‍රයේ වැඩ?

මම දැනට ටෙලිනාට්‍යය චිත්‍රපට ඔක්කොමත් එක්ක ගත්තම සිංදු 100ක් විතර කරලා තියනවා.අලුතින් release කලා ගීත කීපයක් ප්‍රංශ හාදුවක්,පෑයූ සඳක්,මුරුගසන් වරුසාවක්,රෝස විප්ලවය කියන ගීත..

දැන් තියන තත්වෙත් එක්ක විප්ලවකාරී ගීතයක් කියන්න ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවද?

නිර්මාණයක් එනකොට මට ඒක ok නම් ඒකෙන් සමාජයට දෙන්න දෙයක් තියනවා නම් මම මගේ හඬෙන් ඒ අයිතිය ප්‍රකාශ කරනවා මමත් පොලවෙ පයගහලා ඉන්න පුරවැසියෙක්.

අරගලය ගැන මොකද හිතන්නෙ?

අවුරුදු 74ක් තිස්සෙ අපි මේක බලාගෙන හිටියා.මිනිස්සු සෑහෙන්න ඉවසුවා.ඒත් අන්තිමට මිනිස්සු අරගලේකට යන්නෙ කන්න බොන්නවත් හරියට නැති තැනදි.මේක මිනිස්සුන්ට ගොඩ ඒමක් නැති තැනදි පටන් ගත්ත එකක්.”ලස්සනට ලෝකය දකින අලුත් පරම්පරාවක් එක්ක මේ කරගෙන යන්නෙ සාමකාමී අරගලයක්.මේක වැරදියි කියන්න බෑ.

අරගලයට ගියාද?

ඔව් එක පාරක් සහභාගී උනා.ඒ standup වැඩසටහනහනේ සිංදු කියන්න..

ඔබටත් බලපෑම් ඇති උනාද ?

බලපෑම් ඇති වෙන්න හේතුවක් උනේ නෑ.අපි එතනට ගියේ දේශපාලනිකව නෙමෙයි.කාටවත් හානියක් නැතුව අපි අපේ ප්‍රසංගය කළා.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

ළඟදි යුරෝපා සංචාරයකට යන්න තියනවා.මගෙ බෑන්ඩ් එකේ අලුත් වැඩ ටිකක් තියනවා.ප්‍රසංග වලට සහභාගී වෙනවා.music එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නෙ..

46922637 2000565496705014 3483339431924989952 n
14500390 1130024023759170 2709012720896234608 o
10404520 791790504222360 3000357342541988154 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?