spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන කන්නයේදී ගොවීන්ට නොමිලේ පොහොර

වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ලබන යල කන්නයේ දී ලබා දීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

යුක්‍රේන- රුසියානු අර්බුදය නිසා යුක්‍රේනය පොහොර ලබාදීම නවතා ඇති නමුත් වගාවට අවශ්‍ය මඩ පොහොර ලබන යල කන්නය සඳහා අනිවාර්යයෙන්ම ගොවීන්ට නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය නිසා ගොවියාට පොහොර ලබාදීමට යම් යම් බලපෑම් එල්ල වුවත් මේ වනවිට වී හා බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය සියලුම පොහොර වර්ග ලබාදීමට රජයට හැකිවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?