spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 20කට වඩා වටිනා ගංජා සමඟ තණමල්විල දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගංජා හේන් තුනක් ආශ්‍රිතව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගංජා හේන් වල උස අඩි 8කට ආසන්න ප්‍රමාණයකින් යුක්ත වන අතර ඉතාමත්ම සරුවට වැඩී තිබූ ගංජා ගස් 25 000ක් පමණ වගා කර ඇති බව දක්නට ලැබී තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික වන අතර නිලධාරීන් ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කර තිබෙනවා.

සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?