spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ හතක ඩීසල් ,පෙට්‍රල් හා භූමිතෙල් ගබඩා කර සිටි පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ‍විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ මෙහෙයුම් IIIහි පොලිස් පරීක්ෂක බී.එස්.ඊ.එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.08.02 වන දින අංක 177, ටෙම්පල් පාර, ගල්කිස්ස ලිපිනයේ පිහිටි බස් අංගනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1400 ක් පෙට්‍රල් ලීටර් 140 ක් සහ භූමිතෙල් ලීටර් 70 ක් අනාරක්ෂිත ලෙස ගබඩා කරගෙන සිටි අවුරුදු 46 වයසේ පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් ඉන්ධන ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමකින් යුක්ත වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?