spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාව පුරා බස් රථ ධාවනය 50% ක් වන තෙක් පාසල් ආරම්භ කරන්න එපා

ඉන්ධන අර්බුදයක් පවතින අද දිනයේ දීත් බස් රථ ධාවනය 5°/° පමණක් සිදු වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරනවා .

එය සමස්ත බස්රථ ප්‍රමාණයෙන් බස්රථ දාහක් පමණ වන බව ඔහු කියා සිටියා.

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දීම තවමත් විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදු නොවන බවත් බස්රථ ධාවනය සඳහා සරිලන ප්‍රමාණයට ඉන්ධන ලබා දීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියා.

එමෙන් ම හෙට දිනයේ දී බස් රථ ධාවනය සියයට දහයක් පමණ වනු ඇති බව ඔහු කියා සිටියා හෙට දිනයේ සිට පාසල් සතියක කාලයක් නිවාඩු දීම ළමයින්ගෙ ආරක්ෂා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය තුමන් ගත් හොඳ තීරණයක් බවත් බස් රථ ධාවනය 50% ක් වන තෙක් පාසල් ආරම්භ නොකරන ලෙස ඔහු බලධාරීන් ඉල්ලා සිටියා.

එසේ ඉල්ලීමට හේතුව නම් අනතුරුදායක ලෙස පාසැල් ළමුන් බස් රථවල ගමන් කිරීම බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම බස්රථ අවම ප්‍රමාණයක් මේ දින තුළ ධාවනය කිරීම හේතුවෙන් බස් රථ වල ආදායම සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව ඔහු කියා සිටියා දෛනික ආදායම ලක්ෂය ඉක්මවූ බස්රථ ද තිබෙන බවත් ඔහු මෙහිදී කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?