spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියානු ජාතික කාන්තාවකගේ ලක්ෂ 14 ක් වටිනා දේපළ කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරට සංචාරයක් සදහා පැමිණි රුසියානු ජාතික කාන්තාවක‍ගේ රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා දේපළ කොල්ලකන ලද සැකකරුවන් දෙදෙනෙකු කොල්ලකන ලද දේපළද සමඟ අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුධ හමුදාවෙන් පළා ගොස් සිටින අහංගම පදිංචි පුද්ගලයෙක් සහ ඔහුගේ අසල්වැසියෙකි.

මෙම කාන්තාව ඉකුත් 24වනදින සවස හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ඇය සන්තකයේ තිබු ලැප්ටොප් පරිගණකය කැමරා ජංගම දුරකතන ඇතුලු රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා දේපළ සහිත බෑගය කොල්ලකා ගොස් තිබෙනවා

ඇය විසින් හබරාදුව පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව සිදු කළ විමර්ශන වලිනුයි සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියකින් පැමිණ මෙම කොල්ලය සිදුකර ඇති බවෙත් කොල්ලකන ලද දේපළවලින් කොටසක් යතුරු පැදියේද කොටසක් සැකකරුවන්ගේ නිවෙස්වල තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් ඊයේ (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?