spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් 2050 කට මිලදී ගත් 475 මුහුණු ආවරණය

රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරිත්වය 2020 වසරේදී එකක් රුපියල් 2050 බැගින් එන් 95 මුහුණු ආවරණ 1080ක් මිලදී ගැනීමෙන් රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන
ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් එකක් රුපියල් 475කට මිලදි ගත හැකිව තිබියදීත් ඔවුන් මෙම මිලදී ගැනීම සිදුකර තිබෙනවා.

වෛද්‍ය සැපයුම් අංශය විසින් එම රෝහලට ප‍්‍රමාණවත් තරම් මුහුණ ආවරණ සපයා තිබියදිත් ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරියගේ ඉල්ලීම පරිදි රසායනාගාර සේවකයන්ගේ ආරක්ෂාව උදෙසා මෙම මිලදි ගැනීම සිදුකළ බව රෝහලේ කළමණාකාරිත්වය විගණනයට දැනුම් දි තිබේ.

මෙම මිලදී ගැනීම් නිසි ක්‍රියාවලියකට නැතිබවත් ගැටලු රැසක් ඇති බවත් සඳහන් වේ.එසේම මෙම මිලදි ගැනීම සිදුකළ සැපයුම්කරුගෙන් සිදුකළ මිල ගණන් කැඳවීම් විගණනයට ඉදිරිපත් නොකළ අතර එය සිදුකලේ ෆැක්ස් මගින් බවට කළමණාකාරිත්වය දන්වා ඇත.

රෝහල් කළමණාකාරිත්වය පවසන්නේ හදිසි මිලදි ගැනීමක් නිසා දුරකථනයෙන් මිල ගණන් ලබාගෙන ගනුදෙනුව සිදුකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?