spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජකාරියට ගිය පොලිස් කොස්තාපල්වරයාට කඳක් පත්තු වෙයි

අද (02) පුත්තලම, මුල්ලේගම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් පෙරීමක් සම්බන්ධව නවගත්තේගම පොලීසියට තොරතුරු ලැබි තිබෙන අතර නිළධාරි කණ්ඩායමක් එම ස්ථානයට ලඟා වී කැලෑබද ප්‍රදේශයට ඇතුලු වූ විට පොලිස් නිලධාරියෙකුගේ දකුණු පාදයේ පිටුපස ප්‍රදේශයට සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ තුවක්කු කඳක් පත්තු වීමෙන් තුවාල ලබා ඇති බව නවගත්තේගම පොලීසිය පවසනවා.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා නවගත්තේගම ග්‍රාමීය රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා දී ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.

බඳින ලද තුවක්කුව සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව නවගත්තේගම පොලීසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?