spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල් පත් කිරීම 69 ලක්ෂයට ද්‍රෝහී වීමක් ද්‍රෝහී වීමක්

අද දිනයේ සිංහල රාවය දේශපාලන පක්ෂය මාධ්‍ය හමුව පැවැත්වුණා.එහිදී අදහස් දක්වමින් පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පවසා සිටියේ

අද වන විට රට තවත් අස්ථාවර වෙලා.
වෙනදාටත් වඩා රටේ තත්වය උග්‍ර වෙලා.
තෙල් පෝලිම් ගැස් පෝලිම් වැඩි වෙලා.
රටේ මුදල් නෑ
යනුවෙනි .

තව දුරටත් අදහස් දකවමින් උන්වහන්සේ පවසා සිටියේ ආණ්ඩුවට වගේම විපක්ෂයටත් ජනතාව ගැන හැගීමක් නැති බවත් විපක්ෂයේ කිසිවෙක් අගමැති කම භාරගත්තේ නැති නිසා රනිල් අගමැති කරන්න සිදු වූ බවයි.

රනිල් රටේ සම්පත් විකුණූ බවත් ඒ සම්පත් අතර හම්බන්තොට වරායද ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

මහ බැංකුව මංකොල්ල කාපු රනිල් නැවත වතාවක් රටේ සම්පත් විකුණාවිද කියා සිතෙන බවත් මේ වෙලාවේ කෙසේ හෝ රට ගොඩනගන්න වගේම රනිල්ට නිවැරදි වෙන්නත් යලි අවස්ථාවක් ලැබී තිබෙන බවත් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියා.

රනිල් ගැන විශ්වාසයක් නොමැති අතර නව අගමැති මොනාහරි කරාවි කියලා බලාගෙන ඉන්න දැන් සිදු වෙලා තිබෙන බවත් උන් වහන්සේ ප්‍රකාශ කළා.

තවද රනිල් පත් කිරීම 69 ලක්ෂයට ද්‍රෝහී වීමක් බවත් රට භාරගන්න කෙනෙක් නැති තැන රනිල්ට අගමැති ධුරය දීමට සිදුවූ බවත් උන්වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?