spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් බිරිඳ නිහඬ විරෝධතාවයක (ඡායාරූප)

වසර 22ක පූර්ණ සේවා කාලයකින් පසුව විශ්‍රාම ලබා සිටියදී මිය ගිය තම රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප මාස 07කට ආසන්න කාලයක් ගතවුවද මෙතෙක් තමන්ට නොලැබීම හේතුවෙන් අසරණව සිටින පාදයක්ද අහිමිව රෝගි තත්ත්වයෙන් පසුවන රණවිරු බිරිඳක නිහඬ විරෝධතාවයක නිරතවිය.

ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේදීයි ඇය මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ.

මෙලෙස නිහඬ විරෝධතාවයක නිරත වූයේ පූර්ණ හමුදා සේවයෙන් විශ්‍රාමිකව සිටියදී මිය ගිය යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු වන එම්.ඩබ්ලිව්.කේ.එස්.පණ්ඩුල විරුවාගේ බිරිද වන ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ පදිංචි ආර.කේ.පී.විමලාවැතී නමැති 57 හැවිරිදි කාන්තාවකි.

විරෝධතාවයේ නිරතවූ රණවිරු බිරිය පවසන්නේ සිය සැමියා 1990 09-09 දින යුධ හමුදාවේ 29 වැනි ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුවට එක්වූ බවත් ඒ අනුව උතුරු නැගෙනහිර මෙහෙයුම් ඇතුලුව යුධ හමුදාවේ වසර 22ක පූර්ණ සේවා කාලයක් නිම කර 2015-01-09 වන දින විශ්‍රාම ලැබූ බවත්ය.

විශ්‍රාම ලබා සිටි සිය රණවිරු සැමියා හදිසියේ ඇතිවු රෝග තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 2022-08-04 දින මිය ගිය බවද ඇය පවසනවා.

වසර 22ක යුද හමුදා පූර්ණ සේවා කාලය තුල සිය රණවිරු සැමියා පුර්ණභූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම, 50 වන යුද්ධ හමුදා සංවත්සර පදක්කම, නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම හා උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම ආදී පදක්කම් වලින් පිදුම් ලබා ඇති බවද ඇය සිහිපත් කරනවා.

සිය සැමියාගේ වියෝවෙන් මාස 07ක් පමණ ගතව ඇතත් තමන් වෙනුවෙන් හිමිවිය විය යුතු එම විශ්‍රාම වැටුප තමන්ට මෙතෙක් නොලැබීම හේතුවෙන් මේ වනවිට තමන් දැඩි අසරණ බාවයට පත්ව සිටින බව ඇය පවසන අතර ඊට අදාළ ලිපි ලේඛන ද මේ වනවිට ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අදාළ අංශ වෙත යොමු කර ඇති බවද ඇය පවසනවා.

එම ලිපි ලේඛන භාර දී ඇතත් අදාළ විශ්‍රාම වැටපු මෙතෙක් ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බව ඇය චෝදනා කරනවා.

මේ වනවිට තමන්ද විවිධ රෝගාබාධවලින් පෙලෙන බවත්, එම රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට තමන්ගේ එක්පාදයක් ද ඉවත් කර අන්ත අසරණව රෝද පුටුවට වැටී සිටින බවත් පෙන්වා දෙන ඇය පවසන්නේ තමන්ට ජීවත් වීමට ඇති එකම ආදායම් මාර්ගය වූ සැමියාගේ විශ්‍රාම වැටුප මෙතෙක් නොලැබීම නිසා නිවසේ විදුලිය හා ජලය ඇතුලු මූලික අවශ්‍යතාද විසන්ධි කිරීමේ අවසන් නිවේදනද අදාළ ආයතන මඟින් මේ වනවිට නිකුත් කර ඇති බවයි.

මතුව ඇති මෙම තත්ත්වය නිසා මේ වනවිට රෝගී තත්ත්වයෙන් පසුවන පාදයක්ද අහිමිව ඇති තමන් රට දැය වෙනුවෙන් අභීත මෙහෙවරක් සිදුකළ රණවිරුකුගේ බිරිදක ලෙස තමන් දෛනික ආහාර වේල හෝ සපයා ගත නොහැකි අයුරින් දැඩි ලෙස අසරණව ඇති බවද පවසනවා.

විශ්‍රාම වැටුප නොලැබීම සම්බන්දයෙන් සොයා බැලීමට තමන් සතියකට දින කිහිපයක් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යෑමට සිදුව ඇති බවත් පාදය අහිමිවීම හා රෝග තත්ත්වයන් නිසා ඒ සඳහා ත්‍රිරෝද රථයකින් යාමට සිදුව ඇති බවත් ඒ වෙනුවෙන් එක් වරකට රුපියල් 600ක පමණ කුලී මුදලක් ගෙවීමට සිදුවන බවත් පෙන්වා දෙන ඇය පවසන්නේ තමන් පත්ව සිටින ආර්ථික අර්බුදය හමුවේ එයද ගැටලුවක්ව ඇති බවය .

පවතින අසරණතාවය හමුවේ කොස් පොලොස් ආදී දැ විකුණමින් ජීවත් වූ තමන්ට දැන් පාදයද අහිමි නිසා එවැනි කටයුත්තක හෝ නිරත වීමේ හැකියාවක් නොමැති බවද පවසන ඇය පවසන්නේ අසල්වාසීන් විසින් තමන්ටත් සුරතල් සුනකයාටත් අවශ්‍ය ආහාර පාන බොහෝ විට සපයා දෙන බවය.

මිය ගිය රණවිරුවාගේ විශ්‍රාම වැටුප නොලැබීමෙන් අසරණව සිටින එම රණවිරු බිරිය සිය ස්වාමියාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වූ නිහඩ විරෝධතාවයට මිය ගිය රණවිරුවා ඇතුලු එම දෙපල නිවසේ ඇති දැඩි කළ බිංදු නමැති සුරතල් සුනඛයාද එක්ව සිටීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?