spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජය පෙරලීම ත්‍රස්තවාදී ක්‍රියාවක්

ලෙනින් පවසන පරිදි රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හෝ රාජ්‍ය බලය රැක ගැනීම සඳහා විවිධ පන්ති කණ්ඩායම් (විශේෂයෙන් ප්‍රතිවිරුද්ධ පන්තීන් අතර) එකිනෙකා සමග කරන අරගලය, එකිනෙකා සමග දක්වන සම්බන්ධතා හා එකිනෙකා වෙන් කරන බලපෑම් ක්‍රියාවලියෙහි සමස්ථය දේශපාලනය නම් වේ.

මෙකී දේශපාලනය ලංකාව තුළ මේ දිනවල නම් අවුල් වුණු ප්‍රස්තුත ගණනාවක් කිවහොත් නිවැරදි වේ.එනම් ලංකාවේ දේශපාලනය එතෙක් මෙතෙක් නොවූ ආකාරයට වෙනස් වී ඇති දෙයකි.මේ වනවිට සිදුව ඇති දේශපාලන පෙරළීම් සමඟ විවිධාකාර පාර්ශව විසින් ආණ්ඩුව වෙතට පහර ගසයි.

නන් දෙසින් ඇසෙන දේශපාලන කතා හමුවේ රවී කරුණානායක මහතාගේ පැහැදිලි කිරීමක් අසන්නට ලැබුණේ මෙලෙසිනි.මේ දිනවල ත්‍රස්තවාදී පනත් පිළිබඳව අවධානය යොමු වී ඇති බැවින් රවී කරුණානායක මහතා පවසන පරිදි
ආණ්ඩුවක් පෙරලීම වරදක් නොවන බවත් රජයක් පෙරලීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බව කියා සිටියි.

කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ දිළිඳු ජනතාව වෙත වව්චර් පත් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි රවි කරුණානායක මහතා මේ බව කියා සිටින අතර මෙහි පදනම පිළිබඳව ජනතාවට ගැටළුකාරී තත්වයක් මතු වීම පැහැදිලි දෙයකි.

තව දුරටත් කරුණු කියා සිටි එතුමා වැඩි දුරටත් කියා සිටියේ ඔවුන්ට රට පාලනය කරන්නට ඉඩ නොදුන්නේ ඔවුන් සත්‍ය වටා එකතු වී ඇති නිසාවෙන් යනුවෙනි.
“ඇත්ත කියන අයට මේ රටේ ඉඩක් නෑ.අපි ඇත්ත කිව්වා.ඒ නිසා අපිව පරාජය කළා.අපි.ඒ කාලේ රුපියල් 122 ට පෙට්‍රල් දෙනකොට සමහරු ගොන් කරත්තවල ආවෙ රුපියල් දෙකක් වැඩි කළම.
ඒත් දැන් 450 ට පැට්‍රල් ගහනවා
ගෝල්ෆේස් එකේ එක එක පැල වගා කරල තියෙනවා.ඇයි ඒගොල්ලන්ට බැරි කුඹුරක් වගා කරලා අස්වැන්න ගන්න.
මේක මැතිවරණයක් තියන්න කාලයක් නෙමේ අපි සේරම එකතු වෙලා ගොඩ ගන්න ඕන කාලයක්”

රවී කරුණානායකගේ අදහස් වලින් පැවසුනේ එයයි.කෙසේ නමුත් උද්ගතව ඇති තත්වය හමුවේ නම් මේ වනවිට කිසිදු පාලන තන්ත්‍රයක් මෙලෙසෙන් අසමත් වී නැති බව සත්‍යකි.එය මුළුමහත් රටක් දනී. අවසානයට ඔහු පවසන පරිදි එක් දෙයක් නම් සත්‍ය විය යුතුයි,එනම් මෙය ගිලගැනීමට ප්‍රථම අප සියල්ලෝම ගොඩ ගැනිය යුතුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?