spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේන ජනපති චාර්ල්ස් රජු හමුවෙයි

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා.

රුසියාව – යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා සිය මව්බිමෙන් පිටව ගිය දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ආක්‍රමණයට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම ඔහුගේ හදිසි සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුනේ.

යුක්‍රේන ජනාධිපතිවරයා වෙස්මිනිස්ටර් ශාලාවේදී බ්‍රිතාන්‍යයය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා තිබෙන අතර එහිදී ඔහු පවසා ඇත්තේ ත්‍රස්තවාදයට අනුබල දෙන ඕනෑම අයෙකු එහි වගකීමද භාරගත යුතු බවයි.

රුසියාවට එරෙහි යුද්ධයේදී බ්‍රිතාන්‍ය සිය රටට ලබාදුන් සහය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවද යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?