spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රිපාල සිරිසේනගේ පෙත්සම

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන්ම තමන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ සිතාසිය බලරහිත කර නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගොනුකර ඇති පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම අභියාචනාධිකරණයේ නව සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න වෙත යොමු කරන ලෙස නියෝග කෙරුණා.

මෛත්‍රීපාල සිරිසේන විසින් ගොනුකළ අදාළ පෙත්සම ඊයේ (01) අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගය සඳහා නියම කරන මෙන් ඉල්ලා සිටියා.

එහිදී වත්මන් විනිසුරු සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ට මෙම අවස්ථාවේදී තීරණයක් ලබාදිය නොහැකි බවයි. ඒ අනුව අදාළ ඉල්ලීම නව සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න වැඩ භාර ගැනීමෙන් පසුව පසුව ඔහු හමුවේ සිදුකරන ලෙසත් වත්මන් සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කර සිටියා.

මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ අදාළ පෙත්සම සෝභිත රාජකරුණා ආසාවක් ධම්මික ගනේපොල යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.

එම විභාගයේ දී මතු වූ නීතිමය කාරණාවක් පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අදාළ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යොමු කරන ලෙස අදාළ පුද්ගලික පැමිණිල්ලේ පැමිණිලිකරු වශයෙන් නම් කර සිටින සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා විරුද්ධ විය.

එම ඉල්ලීම පිළිබඳ තීරණය කිරීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා හමුවේ කැඳවන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?