spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියුසීෂියන් කෙනෙක්ට තමන්ට තියන බූදලේ තමයි තමන්ගේ සින්දු

රියැලිටි තරඟ තුළින් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට පායන දක්ෂයන් අති විශාලයි.නමුත් එහි වැදගත්ම තීරණය වන්නේ තරඟය පුරාවටම ඔවුන් එකතු කරගන්නා ජනප්‍රියත්වය දීර්ඝකාලීනවද පවත්වා ගැනීමට ඔවුන් දරන වෙහෙස,පෙන්වන දක්ෂකම් මතයි.ලංකාවේ පැවැත්වුණු රියැලිටි තරඟ බොහෝයි.ඒ අතර සිරස sirasa voice teens වැඩසටහන සුවිශේෂී තැනක් ගත් වැඩසටහනක්.එහි ප්‍රථම අදියරේ voice teens කිරුළ දිනූ දක්ෂයාව අද අපි සුහද කතාබහකට සම්බන්ධ කරගත්තේ මෙසේයි.මේ හෂේන් දුලාංජන

ආයුබෝවන් හෂෙන්!

ආයුබෝවන් !!

ඉතිං හෂේන් කොහොමද?

මේ දවස් වල ඉතින් වැඩ ටිකත් කරගෙන ෂේප් එකේ ඉන්නවා

සමහර අය කියනවා voice teens කිරුළ දිනුවට පස්සේ හෂේන් වැඩිය පේන්න නෑ කියලා.ඒක එහෙමද?

පේන්න හිටියා.ඒත් මේ තත්වෙත් එක්ක වැඩ ටිකක් අඩුයි.ඒ කියන්නේ covid ආවට පස්සේ තෙල් ප්‍රශ්න ආවත් එක්කම musical shows නැති තරම්.ඒ අතරෙ අපිට යන්න එන්න පෙට්‍රල් නැති තත්වයක් ආවා.ඒ ප්‍රශ්න එක්ක සංගීත වැඩකටයුතු ටිකක් අතපසු වුණා

හෂේන්ගේ අලුත් සිංදුවක් අපිට ඉදිරියේදී බලාගන්න පුළුවන් ද?

දැනට රිලීස් කරන්න කරපු මගේ songs හතරක් final කරලා තියෙනවා.ගොඩක් ඉක්මනට ඒ ටික රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.තව මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඇල්බම් එකක් කරගෙන යන්න.ඒකෙ වැඩත් එක්ක පොඩ්ඩක් මේ දවස් වල හිරවෙලා ඉන්නේ

හෂේන් Voice teens වලදි blind auditions වල කියපු දියවන්නා කුමාරියේ ගීතය ඇයි youtube එකෙන් අයින් වුණේ?

ඒක මං හිතන්නෙ copy right issue එකක්.

ඉතිං හොයලා බැලුවද මොකක්ද වුනේ කියලා?

හොයලා බැලුවා.ඒත් මං කියන්නෑ ඒ වැඩේ වැරදියි කියලා.මං ඒක හරි කියලා කියන්නෙත් නෑ.ඇත්තටම අපිට අයිතියක් නෑ වෙන කෙනෙක්ගෙ content එකකින් හම්බකරගෙන කන්න.එක පැත්තකට ඒ වෙච්ච වැඩේ වැරදි නෑ ඒක හරි.මට මගේ කෝච් නිතරම කියන කතාවක් තමයි ලංකාවේ ඉන්න මියුසීෂියන් කෙනෙක්ට තමන්ට තියන බූදලේ තමයි තමන්ගේ සින්දු ,කියන එක.ඉතිං මට අයිති නෑ වෙන කාගෙවත් සින්දු විකුණන්න.

voice teens season 01 එකේ හිටිය සෙට් එකේ ඒ යාළුකම් බැඳීම් තාමත් එහෙමද?

ඔව් අනිවාර්යෙන්ම අපි හැමෝම එකට ඉන්නේ.මේ දවස් වල අපි සජ්ඣායනා programme එකත් කරගෙන යනවා.ඒක මේ දවස් දවස් වල හොඳටම peak වෙලා තියෙන්නේ.ඉතින් පරණ සෙට් එක තාම ඉන්නවා ඒ විදියටම වෙනසක් නැතුව

තරඟ තියෙනකොට තිබ්බ ජනප්‍රියත්වය හශේන්ට තාමත් ඒ විදිහටම තියෙනවද?

ඒක නම් එහෙමයි කියන්නත් බෑ.මොකද ඊට පස්සෙ තව season දෙකක් ආවා.ඒත් දැනටත් මම පාරේ යනකොට මිනිස්සු මාව අදුරගෙන කතාබහ කරනවා.එතකොට ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා.මම හිතන්නෙවත් නැති තැන්වල මිනිස්සු මාව දන්නවා.එතකොට ඉතින් සතුටුයි.

තරඟයේ තියනකොට කෝච් සනුක එක්ක තිබ්බ ආශ්‍රය තාමත් ඒ විදියටම තියෙනවද? හශේන්ට තාමත් සනුකගෙන් ගුරුහරුකම් ලැබෙනවද?

ඔව් තාමත් ඒක ඒ විදියටම තියෙනවා.තාම කෝල් කරනවා අපි කතා කරනවා.එදා වගේම තමයි අදත්.

කවුද හශේන්ගෙ ජීවිතයේ වීරයා?

මගේ ජීවිතයේ වීරයා මම හිතන්නේ මම ම තමයි.

හෂේන් දුලන්ජන කියන්නේ තරුණ කොල්ලෙක්.ඔබ දක්ෂයි,ලස්සනයි ප්‍රියමනාපයි..කොහොමද ගෑනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා ඉතින්.සාමාන්‍යයෙන් ඉතින් ඒක හොඳටම තියෙනවා.මං දන්නේ නෑ ඉතින් ඒ ඇයිද කියල ඒත් හොඳටම තියෙනවා..

ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද?

තාම නෑ ඉතිං

සංගීත කටයුතු වලට අමතරව මොකද කරන්නේ?

මට academy එකක් තියෙනවා.මං ඉන්න Area එකේ music සම්බන්ධ දැනුමක් ගන්න එහෙම ප්ලේස් එකක් නෑ.මගේ ඒ කාලේ ඉඳන් තිබ්බ ආසාවක් තමයි institute එකක් නැත්තං academy එකක් දාන එක.මම කැමැත්තෙන් හිටියා ඒක බ්‍රෑන්ඩ් එකක් විදියට ඉස්සරහට අරගෙන යන්න.Hash Music Academy කියලා තමයි ඒක කරගෙන යන්නේ.ඉතින් මම ගොඩක් වැඩ කරනවා ඒත් එක්ක. ඊයේ පෙරේදා මම voice teens win කරලා අවුරුදු දෙකක් පිරුණා.ඒ වෙනුවෙන් මම මගේ academy එක හරහා ලොකු project එකක් කලා.ළමා නිවාසයකට ගිහිල්ලා ඒගොල්ලන්ට තෑගි,දීලා treat එකක් දීලා music programme එකකුත් කරා.ඒක මගේ channel එකේ තියෙනවා.music පැත්තෙන් ඕනම දෙයක් දැනගන්න ඉගෙන ගන්න මගේ academy එක හැමෝටම විවෘතයි.

හශේන්ට කරන්න තියෙන ඉදිරි වැඩ වැඩ කටයුතු මොනවාද?

වැඩකටයුතු කීපයක්ම තියනවා.ඇල්බම් එකේ වැඩේ ගැන තමයි මේ දවස්වල ලොකුවටම බලන්නෙ.තවත් වැඩ කීපයක්ම තියෙනවා ඉස්සරහට බලමු ඉතිං..

සංවාදය -සචිනි සත්සරණි ප්‍රේමරත්න

172263946 2911964439040085 1769752369474594369 n
190616635 2944147785821750 162271049953706204 n
130091077 2822143691355494 4877505687738406422 n
285944941 3216122895290903 8635582958602507725 n
170b2f63 8a1b 4573 88c8 8e9862559f65
0cf7bc0a 92e9 465d a82b ce594582a6b5
13e5f3d3 40be 45d3 933c 85775c1dc532
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?