spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිනුවන්ගොඩ උපන්දින පාටියට ගම්වාසීන් කරපු දේ

මිනුවන්ගොඩ ,නිල්පනාගොඩ, මිරිස්පැලහේන ප්‍රදේශයේ පදිංචි ජනතාවට හිරිහැරයක් සහ කරදරයක් වන අයුරින් එම ප්‍රදේශයේ සාදයක් පැවැත්වූ තරුණ සැකකරුවන් විසිදෙනකුව අද (20) පෙරවරුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් විසි දෙනාගෙන් 19 දෙනෙකු වෙනත් පොලිස් වසම් වල පදිංචිකරුවන් බව පොලිසිය කියයි. සැකකරුවන් රාත්‍රී කාලයේදී අධික ලෙස මත්පැන් පානය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් දෙදෙනකු සන්තකයේ ගංජා ග්‍රෑම් 04 ක් සහ 05 ක් තිබියදී සොයා ගත් බව ද පොලිසිය කීය.

උපන්දිනයක් මුල් කරගෙන පැවති යැයි කියන එම සාදය ඊයේ (19) රාත්‍රියේ දී ආරම්භ කර අද (20) පෙරවරුවේදීද පවත්වා ඇති බවත් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමින් පවත්නා එම සාදය හේතුවෙන් ගම්මුන්ට සිදුවන හිරිහැර සහ කරදර සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත එම ස්ථානය වටලා සැකකරුවන් 20 දෙනෙකු සමග ඔවුන් පැමිණ තිබූ යතුරු පැදි 05 ක් මෙසේ පොලිසිය භාරයට ගත් බව පොලිසිය කීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් 19 දෙනා සම්බන්ධයෙන් ඔවුන් පදිංචි පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් වාර්තා ලැබුන පසු ඉදිරි පියවර ගන්නා බවත් පොලිසිය කීය. ගංජා සන්තකයේ තබා ගත් සැකකරුවන් දෙදෙනාව හෙට (21)
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?