spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණය සඳහා මුදල් ලබා දීම මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ බදු වැඩි කිරීම සහ මැතිවරණය සඳහා මුදල් ලබා දීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකීම පවතින්නේ මුදල් අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට බවයි.

ඊයේ (25) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මෙම වසර සඳහා වන පළමු මුදල් ප්‍රතිපත්ති විවරන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ.

මහ බැංකුව එවැනි කටයුතු සඳහා සම්බන්ධ නොවන බව ද මහ බැංකුව සිදුකරන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

බදු වැඩි කිරීම සහ මැතිවරණය සඳහා මුදල් ලබා දීම පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල කටයුත්තක් වන බව ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔවුන් විසින් බව ද වැඩිදුරටත් කියා සිටියේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?