spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාසික වැටුප් වෙනුවට සතිපතා වැටුප් ගෙවන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (ජන. 25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ වැටුප් ලබන්නා සහ වැටුප් ගෙවන්නා යන දෙදෙනාම ණය උගුලක සිර කරන මාසික වැටුප් වෙනුවට සතිපතා වැටුප් ගෙවීමට කටයුතු කිරීමෙන් දෙදෙනාම යම් දුරකට පීඩනයෙන් මිදෙනු ඇති බවයි.

එසේ කිරීමෙන් දැවැන්ත මුදලක් එක දවසක ගෙවීමට සිදුවීමේ පීඩනයෙන් වැටුප් ගෙවන්නා නිදහස් වන අතර මාසික වැටුප සති තුනෙන් අවසන් වීමෙන් සිරවෙන ණය උගුලෙන් මිදීමට වැටුප් ලබන්නාට ද හැකිවනු ඇතැයි වැඩිදුරටත් පවසා සිටියා.

එසේ නොකළහොත් වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නාම ණය උගුලේ සිර වීමේ අවදානමක් ඇතිවන බව ද ඔහු සඳහන් කල අතර ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සතිපතා හෝ දෙසතියකට වරක් මිස මාස්පතා නොවන බවත් ඔහු පැවසුවා

“ආණ්ඩුවේ සේවකයන්ට මාසික වැටුප් ගෙවන දිනයේදී සියලු දෙනාට ඒවා ගෙවන්න බැරි වේවි..

ආණ්ඩුවට විතරක් නොවේ මේ ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික සමාගම්වලටත් මාසික වැටුප් ගෙවීම බරපතළ අභියෝගයක් වෙලා තිබෙන්නේ. ඒ නිසා පෞද්ගලික අංශය පොළියට ණයට ගනිමින් තමයි සේවකයන්ට වැටුප් ගෙවන්නේ.

අනෙක් පැත්තෙන් ජනතාවට බදු නිසා ආදායම අඩු වෙලා. උද්ධමනය නිසා වියදම වැඩි වෙලා. ඒ නිසා ලැබෙන වැටුපෙන් පරණ පුරුදු විධියට වියදම් කරන්න බැරි වෙලා. එහි අවසන් ප්‍රතිඵලය තමයි මාසයකට ලැබුණු වැටුප සති තුනක් වෙන්නත් කලින් අවසන් වීම.

ඉතිරි සතිය ගත කරන්න පොළියට ණය ගන්නවා. ඊළඟ මාසයේ පොළියත් එක්ක ණය ගෙවන විට අර්බුදය තවත් උග්‍ර වෙනවා. අවසානයේ ජනතාවට ණය උගුලක සිර වෙලා බෙල්ල වැල දා ගන්නයි වෙන්නේ.”

යනුවෙන් වැඩිදුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?