spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාතර ප්‍රාදේශීය ලේකම්වරිය මාතර මහ රෝහලේ සෞඛ්‍ය අංශ සේවකයින් පිරිසක් විසින් සිරකරගෙන

අද (25)උදැසන කිසියම් රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා මාතර මහා රෝහලට ගොස් තිබේ එහිදී මාතර මහ රෝහලේ සෞඛ්‍ය අංශ සේවකයින් විසින් මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යය කුමාරි මහත්මිය සිරකොට තබා ගෙන ඇති බව වාර්තා වනවා.

එහිදී පැය 2කට ආසන්න කාලයක් සිර කර ගෙන සිටියදි මාතර මූලස්ථාන පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දැඩි පරිශ්‍රමයක් දරමින් ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යය කුමාරි මහත්මිය මාතර රෝහලෙන් පිටත ගැනීමට කටයුතු කර තිබේ.


කෞෂල්‍යා කුමාරි මහත්මියට ඇති වු රෝගි තත්වයකට අද (25 ) උදැසන බාහීර රෝගී අංශයේ ලියාපදිංචි වි රුධිර සාම්පලයක් රෝහලේ රාසායනාගරයට ලබා දිමට ගොස් ඇති අතර එහි සිටි සෞඛ්‍ය සේවකයින් එම පරීක්ෂණය සිදු කල නොහැකි බව පවසා ඇති බව වාර්තා වනවා.

පසුව රෝහලේ සිටි තවත් සෞඛ්‍ය අංශ සේවකයින් පිරිසක් සෞඛ්‍ය අංශ වලට ඉන්ධන ලබා දිමේදි ඇති වු ගැටළුවක් පිළිබදව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කරමින් එම ස්ථානයෙන් පිටව යාමට ඉඩ නොදි රදවාගෙන සිට ඇති බව වාර්තා වනවා.

රෝහල තුල සිටි කාලය තුල කිසිදු ප්‍රතිකාරයක් හෝ පරීක්ෂණයක් සිදු කිරිමට මාතර මහා රෝහල සෞඛ්‍ය සේවකයින් ක්‍රියා නොකල බවත් පොලිස් ආරක්ෂාව යටතේ පිටතට පැමිණි ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය මේ වන විට පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කොට ඇතිවු රෝගී තත්වයට ප්‍රතිකාර ලබමින් සිටින බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතා කියා සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ මෙහෙයවති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?