මවගේ මරණයෙන් කෙළවර වූ මව, පියා සහ පුතුගේ මත්පැන් සාදය

වයස අවුරුදු 52ක දෙදෙරු මවක් ඝාතනයට ලක්ව ඇති පුවතක් ගල්ගමුව, හොරොව්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පහරදීමක් හේතුවෙන් ඇය මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි ගිරිබාව පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව ඇයගේ සැමියා සහ වැඩිමල් පුත්‍රයා සමඟ මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 53 හැවිරිදි සැමියා, 30 හැවිරිදි වැඩිමල් පුත්‍රයා සහ පුතාගේ 24 හැවිරිදි බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

දෙදෙරු මවක් වන ඝාතනය ලක්වූ කාන්තාවගේ අනෙක් දැරිය 11 හැවිරිදි වියේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?