spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මල් කැඩීමට ගොස් නිවසට පැමිණෙමින් සිටි වයෝවෘධ මව බස් රථයට බිලි ( ඡායාරූප )

අද අළුයම (06) පිලියන්දල මිරිස්වත්ත හන්දිය ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස්රථයක ගැටීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව පිලියන්දල පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි සිව් දරු මවකි.

මෙම වයෝවෘධ මව නිවසේ සිට මාර්ගය ඉදිරිපස ප්‍රතිවිරුද්ධ දිසාවට මල් කැඩීමට ගොස් යළි නිවස කරා මාර්ගය හරහා පැමිණිමෙන් සිටියදී පිළියන්දල සිට කැස්බෑව දෙසට ගමන් ගත් ජාත්‍යන්තර පාසලකට අයත් සුඛෝපභෝගී බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා.

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිදුවූ අනතුර සීසීටිවී කැමරාවක සටහන් වී ඇති අතර බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන, අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?