spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මම ගොඩක් වෙලාවට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන කෙනෙක්

මේ තරුව බිහිවෙන්නෙ කවියෙන්.ඔහු සුන්දර කවිකාරයෙක්.මේ සුන්දර කවියා වෘත්තියෙන් පොලිස් නිළධාරියෙක් වීමත් විශේෂත්වයක්.ඒත් ඔහුගේ කවි දකින,විඳින,අහන කෙනෙක්ට එය කිසිසේත්ම බාධාවක් නොවෙයි.අද අපි මේ ආදරණීය කවියාව අපේ කතාබහට සම්බන්ධ කරත්තේ ඉතාමත් ආදරයෙන්.ඒ “ඉලක්ෂ ජයවර්ධන”..

ආයුබෝවන් ඉලක්ෂ!

ආයුබෝවන් !!

කොහොමද ඉලක්ෂ ඉතිං?

මේ දවස් වල නම් ඉතිං රාජකාරිත් එක්ක ඒ වැඩකටයුතුත් කරන ගමන් කවියක් ලියාගෙන ඉන්නවා ඉතිං..

කොහොමද ජීවිතේ ගැන දකින්නෙ?

ජීවිතය ගැන නිර්වචන නම් දෙන්න අමාරුයි.මොකද අපි මැරෙනකම්ම ජීවිතය කියන දේ ගැන හොයනවා.සමහරවිට ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ හොයාගෙන අපිට මැරෙන්න වෙයි,එහෙම නැත්නම් ජීවිතේ කියන දේ මොකක්ද කියලා හොයා ගන්නවත් බැරුව අපි මැරෙයි.මම නම් හිතන්නේ තාම ජීවිතය කියන දේට අර්ථයක් දෙන්න තරම් අපි පොඩි වැඩියි.

කවියෙක් විදියට ආදරය ගැන දෙන්න පුළුවන් හොඳම නිර්වචනය මොකක්ද?

මම හිතන්නේ ආදරේ කියන්නේ පරිත්‍යාගය.අයිති කර ගන්නවා කියන ආත්මාර්ථකාමීත්වයෙන් මිදිලා පරාර්ථකාමී වෙනවා කියන එක තමයි ආදරේ හැඟීම.

ආදරේ හැඟීම් මේ තරම් ලස්සනට ගලපන්නෙ ඉලක්ෂ ආදරේ කරනවද නැත්තන් ආදරෙන් පැරදිලාද?

ඇත්තටම මම ආදරේ කරලා තියනවා.මේ වෙනකොටත් ඉතින් ඒක නැහැ කියන්නත් බෑ.ආදරය කියන හැඟීම අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඒක කෙනෙක්ට ඇරඹුමක් නිසා අවසානයක් වෙන දෙයක් නෙවෙයි.

ඇත්තටම කවියෙක්ද පොලිස් නිලධාරියෙක් වුණේ නැත්නම් පොලිස් නිලධාරියෙක් කවියෙක් වුණාද?

කවියෙක් තමයි පොලිස් නිලධාරියෙක් බවට පත්වුණේ

ඉතිං මේ කවි ලියන පොලිස් නිලධාරියාට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ටික ටික ලියන්න පටන් අරන් දැන් ලොකු කාලයක් වෙනවා.කාලය තුළ මම ගොඩක් ඉස්සරහට ඇවිත්.මේ ආපු ගමනේ ගොඩක් සන්ධිස්ථානය ටික ටික පහු වෙවී යනවා.ඒ අතරින් කවියට ආදරය කරන ගොඩක් ලොකු පිරිසක් මගේ වටේ එකතු වෙලා ඉන්නවා.ඒක මට ගොඩක් ලොකු සතුටක්.

මට හිතෙන්නේ ඉලක්ෂගෙ කවි ගොඩක් ජනප්‍රිය වෙන්නේ ෆේස්බුක් එකෙන්.ඒක එහෙමද?

ඔව් අනිවාර්යෙන්ම ෆේස්බුක් එකෙන් තමයි කවි ගොඩක් මිනිස්සු අතරට යන්නේ.

සෝෂල් මීඩියා නිසා ඔබට ලැබෙන සහයෝගය ගැන මොකද හිතන්නේ?

මං හිතන්නේ ඕනෑම දෙයක හොඳ සහ නරක පැති කියලා දෙකක් තියනවා.සමහර අය මේකෙ නරක පැත්ත ගැන විතරක් කතා කරනවා.ඒත් මං කියන්නේ මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා.ඒකට හොඳම උදාහරණය තමයි මම,මොකද මම ගොඩක් දුර ගම් පළාතකින් තමයි ආවෙ.මේ platform එක තිබ්බෙ නැත්නම් මම කවියෙක් විදියට එළියට නො එන්න තිබ්බා.

කොහොමද කවි ලියන්න පටන් ගත්තෙ?ලියපු පළවෙනි ම කවිය මතකද?

පළවෙනිම කවිය නම් මතක නෑ ඒත් මුලින්ම කවි ලියන්න ගත්තේ 10 11 වසර වලදී.ඒ ලිව්වෙත් යාලුවන්ගෙ love letters වලට.ඊට පස්සේ ඒ ලෙවල් කරන කාලේ වගේ වෙනකොට ඔළුවට දැනෙන ස්ට්‍රෙස් එක නිසා කවි ලිව්වා.ඊට පස්සේ සෝෂල් මීඩියා platform එකෙන් කවි ලියන්න ගත්තම ඒක දිගටම කරගෙන ගියා.

කවි ලියන වැඩේට වෘත්තියෙන් බාධාවක් නැද්ද කොහොමද මේ දෙකම බැලන්ස් කරගෙන යන්නේ?

ඇත්තටම වෘත්තියෙන් ගත්තොත් ගොඩක් ජීවිතේ කාර්යබහුලයි.නමුත් ඒ හා සාපේක්ෂව මට අත්දැකීම් ගොඩක් ලැබෙනවා.ඒ කාර්යබහුලත්වයත් එක්ක මගේ වෘත්තීය ජීවිතේ තියෙන සමහර පීඩනයන් මගහරවාගන්න කවි ලියන එක මට සෑහෙන්න සෑහෙන ප්‍රයෝජනවත් දෙයක් වෙනවා

අපි ඉලක්ෂව දන්නේ කවිකාරයෙක් විදියට.පොලිස් නිලධාරියෙක් විදියට ඉලක්ශ කියන චරිතය ඔබ හඳුන්වන්නේ කොහොමද?

මම එහෙම සැර පරුෂ කෙනෙක් නම් නෙමෙයි.ඒත් මම ගොඩක් වෙලාවට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන කෙනෙක්.මම දැනට මාලඹේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කරනවා.

ඉලක්ෂගේ පවුලේ විස්තර ගැනත් කියමු?

මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි අයියයි මමයි.එක අක්කා කෙනෙක් පොලිස් නිලධාරිනියක්.අනිත් අක්කත් සංවර්ධන නිලධාරිනියක්.අයියා ගුරුවරයෙක්.

මෙච්චර ලස්සනට කවි ලියන්න පුළුවන් වුණේ මේක සහජ දක්ෂතාවයක් ද නැත්නම් පරම්පරාවෙන් ආපු දෙයක් ද?

ඇත්තටම අපේ තාත්තට හිටිවන කවි කියන්න පුළුවන්.අයියා තමයි පත්තර වලට එහෙම මුලින්ම කවි ලිව්වේ.මම පොඩි කාලේ ඒවා ගොඩක් බලලා තියෙනවා.අයියා කවි ලියලා ජයග්‍රහණ අරගෙන තියෙනවා.ඒ ආභාෂය මටත් තියෙන්න ඇති.ඊට පස්සෙ මම ගොඩක් පොතපත කියවන්න පටන් ගත්තා.ඒවයින් තමයි අද මෙතැන ඉන්නේ..

මොනවද ඉලක්ෂ ඉදිරියට කරන්න හිතන් ඉන්නේ?
ලඟදි අපිට කවි පොතක එළිදැක්වීමක් බලාගන්න පුලුවන්ද?

ඔව් ඇත්තටම පළවෙනි පොත ලියලා දැන් අවුරුදු හතරක් විතර වෙනවා.තවත් කවි පොතක් ලියන්න මේ තමයි හොඳම කාලේ කියලා හිතනවා.නමුත් රටේ මේ තියෙන වාතාවරණයත් එක්ක කවි පොතක් එළි දක්වනවා කියන එක හුඟක් අමාරුයි.නමුත් මම හිතනවා නුදුරේදීම ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා.ඒක තමයි තියෙන බලාපොරොත්තුව..

සංවාදය – සචිනි සත්සරණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?