spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිසියේ නිළධාරින් පිරිසකට ගල්වලින් ගසා තුවාල සිදු කළ කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමට ගිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිළධාරින් පිරිසකට ගල්වලින් පහරදී තුවාල සිදු කළ බව කියන කාන්තාවන් හය දෙනෙකු (06) හා හෙරෝයින් සන්තකයේ තබාගත් සැකකරැවන් හතර දෙනෙකු (04) අත් අඩංගුවට ගෙන අද (17) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස විසි නව වනදා (29) දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස නියෝග කෙරිණ .

අනුරාධපුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පෙරේදා (16) පස්වරුවේ එම නිලධාරීන් අනුරාධපුර පුබුදුපුර සමූහ ගොවිපල ප්‍රදේශයේ නිවසක හෙරොයින් වැටලීමක් සඳහා ගිය අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පැමිණෙමින් සිටියදී එම ස්ථානයේ සිටි කාන්තාවන් පිරිසක් පොලිස් නිලධාරීන් හට ගල් වලින් පහරදී තිබේ . පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මේ වෙන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ .

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් දාහතරයි(14g) මිලි ග්‍රෑම් දෙසිය විස්සක ( 220 mg) පමණ ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ .

ඒ අනුව හෙරොයින් ළඟ තබාගත් බවට සැකකාර පිරිම් පුද්ගලයන් හතර දෙනෙකු සහ පොලිසියට පහර දීම සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසිය .එහිදී එක් සැකකරුවකු පළාගොස් ඇතැයිද පැවසෙන අතර ඔහු අත් අඩංගුවට ගැනිම සදහා පොලිස් පරික්ෂණ සිදුකර යි .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි .

image 47
image 48
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?