spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මට දේශපාලනයට ආරාධනා ලැබිලා තියනවා

රංගන ශිල්පිණියක්,නර්තන ශිල්පිණියක් වගේම නිවේදිකාවක් විදියට හඳුන්වන්න පුළුවන් කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නෙ.මේ හැමදේම එක්ක යුරේනි සමබරව තමන්ගෙ කලා කටයුතු කරගෙන යනවා.ඉතිං අද අපි යුරේනි නොෂිකාව කතාබහකට සම්බන්ධ කරගත්තෙ මේ විදියට.

ආයුබෝවන් යුරේනි !

ආයුබෝවන් !!

ඉතිං කොහොමද මේ දවස් වල ?

මේ දවස් වල ඉතින් relax එකේ ඉන්නවා. QR Code එක හඳුන්වලා දුන්නට පස්සේ පෙට්‍රල් ප්‍රශ්නෙ ඉවර වෙයි කියලා හිතනවා.වැඩකටයුතු ආයෙත් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් නිදහසේ ඉන්නවා.

කොහොමද ජීවිතේ?

වරදක් නෑ ගෙවිලා යනවා.මනුස්සයෙක් උනාම අපිට තියෙනවා choices දෙකක්.එකක් තමයි වෙන හැමදේටම බැන බැන ඉන්න පුළුවන්.අනිත් එක තමයි මොනදේ උනත් උනත් සතුටින් ඉන්න පුළුවන්.මේ දවස්වල මානසික ආතතිය කියන දේ තියෙනවා තමයි,ඒ තමන් දැනගන්න ඕන හැමදේම දිහා සුබවාදීව බලන්න.

යුරේනි නොෂිකා ගැන පොඩි හැදින්වීමක් කරන්න කිව්වොත් කවුද යුරේනි නොෂිකා කියලා කියන්නේ සරලව?

ඇත්තටම යුරේනි කියන්නේ ගොඩක් සරල කෙනෙක්.ගොඩක් නිදහසේ ඉන්න කැමතියි.

මේතාක් යුරේනි ගේ ජීවිතයේ තියෙන අමතක නොවනම සිදුවීම මොකක්ද?

පොඩි කාලෙදි මගේ දෙමාපියන් නැති වුන එක

තරුණ කෙනෙක් විදියට යුරේනි ආදරය ගැන හිතෙන දේ මොකක්ද?

ආදරය ඉතින් සුන්දරයි හොඳයි.ඒ ගැන ඉතින් ආදරේ කරන අයගෙන්ම තමයි අහන්න වෙන්නෙ.

යුරේනිට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද?

තාම නම් නෑ.හැබැයි ගිය අවුරුද්දේ අවසාන වගේ වෙද්දි හිතුව මේ අවුරුද්දේ නම් අනිවාර්යෙන්ම ආදරේ කරනවා කියලා.මේ තියන ආර්ථික අර්බුදත් එක්ක ආදරය කරන්න බෑ කියලා හිතුනා.තව අවුරුදු දෙක තුනක් මෙහෙමම අදිනවා කියලා හිතන් තමයි ඉන්නෙ.

දැනට යුරේනිට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා කීදෙනෙක් විතර ඉඳලා තියනවද?

හතර දෙනෙක් විතර

නිළියක් වෙන්න තියෙන්න ඕන හොඳම ගුණාංගය යුරේනි දකින විදියට මොකක්ද?

නිළියක් වෙන්න තියෙන්න ඕන ලොකුම ගුණාංගය තමයි තමන්ගේ දක්ෂතා ඉස්මතු කරගන්න ඒ සම්බන්ධයෙන් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් වෙන එක.රූපෙටත් වැඩිය ඒ දේ තමයි තියෙන්න ඕන.මොකද මම අදටත් characters study කරනවා,ෆිල්ම්ස් බලනවා..එක එක රෝල්ස් වලට ඒ charachters කොහොමද අනුගත වෙලා තියෙන්නෙ කියලා බලනවා.මොකද අදටත් මම හිතන්නෙ නෑ මම සම්පූර්ණ පරිපූර්ණ නිළියක් කියලා,මට තව සියයට අසූවක් විතර ඉගෙන ගන්න දේවල් තියෙනවා.

යුරේනි කියන්නේ සෑම අංශයකින්ම දක්ෂතා පෙන්වලා තියෙන කෙනෙක්.දේශපාලනය කරන්න ආරාධනාවක් ආවොත් ඒ ගැන හිතනවද?

මට දේශපාලනයට ආරාධනා ලැබිලා තියෙනවා,ඒත් මම කැමැති නැහැ.ඒකට ඕන තරම් මිනිස්සු ඉන්නවා දේශපාලන බුද්ධියක් තියෙන දේශපාලන පෞරුෂ තියෙන අය.අපිට දෙයියන්ගේ පිහිටෙන් කලාවෙ තියන දෙයක් කරගෙන ඉන්න තිබ්බොත් ඇති.

දැන් තියෙන කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නෙ ?

කලාව ගොඩක් මේ දවස් වල අනිත් පැත්තට තමයි යන්නේ.දැන් කලාවේ ගුණාත්මකභාවය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.කලාවක් තියෙන්න ඕන නිසා කලාවෙ වැඩකටයුතු වෙනවදෝ කියලා සැකයකුත් හිතේ තියෙනවා.අපි පොඩි කාලේ බලපු දූ දරුවෝ වගේ ටෙලි නාට්‍යය තාම මතකයි,ඒත් දැන් ඒ වගේ දේවල් බිහිවෙන්නේ නෑ. අවුරුදු විස්සකට විතර කලින් බිහිවෙච්ච ටෙලි නාට්‍යවල නළු නිළියො යන මිනිස්සුන්ට තාමත් හොඳටම මතකයි.

මම dancing star එකට ඇඳපු ඇඳුම් පවා මිනිසුන්ට තාම මතකයි.ඒ කාලේ හැමෝම බැලුවෙ ගුණාත්මක උසස් දේවල් කරන්න.ඒත් දැන් ඊට හාත්පසින්ම වෙනස්.ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් කරන්න කිව්වොත් හරි අපි කරමු කියලා එදාම script එක ලියලා එපිසෝඩ් එකක් ගහලා ඔහේ කරන්නන්වාලේ කරනවා.කිසිම දැක්මක් නැතුව තමයි ලංකාවෙ නිර්මාණ අද බිහි වෙන්නේ.ගොඩක්ම හේතුව වෙලා තියෙන්නෙ ප්‍රතිලාභ බලාගෙන මේවා කරන නිසා.අපි කලාව රැක ගන්න ඕනේ.මේවා දකිනකොට හිතට දුකයි.
ඇත්තටම මේකට ආණ්ඩුවත් සපෝට් කරන්න ඕන.මොකද මනුස්සයෙක් මානසික ආතතියක් නැති කරගන්නෙ ටීවී එක දාලා,මනුස්සයෙක් නිදහස් වෙන්නේ වෙන්නෙ එහෙම.ඉතිං කලාවට හරි තැනක් දෙන්න ඕන.අපේ රටේ ෆිල්ම් එකක් ගැහුවොත් ඒක release වෙන්න අවුරුදු දහයක් පහළොවක් විතර යනවා.වෙන රටවල් වල එහෙම නෑ.නීතිගත කලාකරුවන්ගේ සංස්ථා ලංකාවෙ නෑ.මේවා ඇත්තටම අඩුපාඩු.ආණ්ඩුව මේවා ගැන බලන්න ඕන.කලාකරුවාට සහයෝගය දෙන්න ඕන.

දැන් අද කාලේ ටික් ටොක් එකක් කරාම මම නිළියක් කියලා හිතන් ඉන්න අය ඉන්නවා.එහෙම නෙමෙයි ලංකාවෙ හදන්න ඕන නිළියක් වෙන්න,කලාකරුවෙක් වෙන්න,නළුවෙක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා දෙයක්.එහෙම දෙයක් තාම නෑ,ඉතින් කලාව විනාශ වෙන එක අහන්න දෙයක්ද..ඉතින් එහෙම උනාම ඕන තරම් කට්ටිය කලාවට ඇවිල්ල කලාව නැති කරල දාල යනවා.මේ විදියට තිබුනොත් ඉස්සරහටත් කලාව අඩපණ වෙන්න තවත් ඉඩ තියෙනවා.හැබැයි රජයෙන් උදව් ලැබුණොත් අපිට පුළුවන් ලංකාවේ සිනමාව ජාත්‍යන්තරය දක්වා ගෙනියන්න.මොකද ඕන තරම් දක්ෂ නිර්මාණකරුවෝ ලංකාවේ ඉන්නවා.ලංකාවට dollars ගේන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ.ඒත් කවුරුත් ඒවා ගැන කතා කරන්නේ නැහැ.ඒවට අවශ්‍ය පැති හිතන්නෙ නෑ.

යුරේනිට ඉදිරියට ආරාධනාවක් ලැබෙනවා නම් කරන්න ආසාවෙන්ම ඉන්න හිතේ තියෙන චරිතයක් තියෙනවද?

මම කැමතියි ඇක්ෂන් ෆිල්ම් එකකට මට ආරාධනාවක් ලැබෙනවා නම්.super hero character එකක් වගේ මම ආසයි.ඇත්තටම මම ආසයි wonderwoman වගේ එකක රඟපාන්න

යුරේනිගේ ඉදිරි වැඩ වැඩකටයුතු මොනවද?

ඉදිරියට මං රඟපාපු නයිට් රයිඩර් film එක release වෙන්න තියෙනවා.හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා නයිට් රයිඩර් චිත්‍රපටිය බලන්න එන්න කියලා.තවත් චිත්‍රපටයක් මේ අවුරුද්ද අන්තිමට රිලීස් වෙන්න නියමිතයි.ඉතින් මේ වෙලාවේ අපේ කර්මාන්තයට දෙන්න පුළුවන් සපෝට් එක දෙන්න කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා..

සංවාදය – සචිනි සත්සරණි

07 09 2020 1350 yureni noshika shri lankan actress 60
29511742 10156161217434906 3153644419237029208 n
Yureni Noshika New Photos
Yureni Noshika Feet 4106401
Yureni Noshika 8 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?