මට චුට්ටක්වත් රිද්දලා නැති එකම කෙනා තමයි නැති වෙච්ච මගේ පොඩි අක්කා

1
1312

හිමායා බණ්ඩාර කියන්නෙ නව පරපුරේ ඉන්න දක්ෂ නිළියක්.දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ සොනාලි ටීචර් ගෙ චරිතයෙන් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් හිමායා මේ වෙනකොට ලංකාවේ නිළියන් අතර කැපී පෙනෙන දක්ෂකම් පෙන්වන කෙනෙක්.ඇගේ සුන්දරකම මෙන්ම ඇගේ නිහතමානී කම ඇගේ සාර්ථකත්වයේ සාධකය බව අපට කියන්නට හැකියි.ඉතිං මේ සුන්දර හිමායා ව අද අපි කතාබහකට සම්බන්ධ කරගත්තේ ඉතාමත් සතුටින්..

හිමායා ආයුබෝවන් !
ආයුබෝවන්

කොහොමද මේ දවස් වල?

හොඳයි.හැබැයි පහුගිය දවස්වල ටිකක් කාර්යබහුලයි.ඒ මගේ පෞද්ගලික හේතු කාරණා කීපයක් නිසා.ඒත් සාමාන්‍ය විදිහට මගේ දවස් ගෙවිලා යනවා.

ඉතින් අලුත් වැඩ එහෙම කොහොමද?

අලුතින් මගේ චිත්‍රපටයක් එන්න තියෙනවා.ඒකේ ෆයිනල් ඩබින් ඔක්කොම ඉවර කළ.ඒක ළමයි වෙනුවෙන් නිම වෙච්ච චිත්‍රපටියක්.ගොඩක් වෙලාවට මට රඟපාන්න අවස්ථාව ලැබුණේ ඒ වගේ චිත්‍රපටි වල. ඒකෙ නම සූරයා වීරයා.ඒක විද්‍යා ප්‍රබන්ධයක් වගේ කතාවක්.

හිමායා මොනවද ලස්සන වෙන්න කරන දේවල්?

ඇත්තම කිව්වොත් මම සැලෝන් වලට යනවා යනවනම් හරිම අඩුයි.මාස හතරකින් විතර සැලොන් එකකට ගියේ නෑ.හැබැයි මම මූනේ ක්‍රීම් වර්ග නම් ගානවා.ඒ ඇරෙන්න ලස්සන වෙන්න විශේෂ දෙයක් නම් කරන්නේ නෑ.හැබැයි තව දෙයක් මම ටී ටයිම් එකට අනිවාර්යෙන්ම බෙලිමල් එකක් බොනවා තේ වෙනුවට.මම හොඳ දේවල් කනවා බොනවා.

හිමායගෙ පවුලෙ විස්තර කිව්වොත්?

මමයි මගේ අම්මයි අක්කලයි අයියලයි තමයි ඉන්නේ.

සමාජ මාධ්‍යවල හිමායා ගෙ ෆොටෝස් වලට ගොඩක් කමෙන්ට්ස් වැටෙනවා.සමහර කමෙන්ට්ස් දුරදිග යනවා අපි දැකලා තියෙනවා.මොකද හිතන්නේ ඒවා ගැන?

ඒවා ඇත්තටම හරි ජොලි.bad comments ආවොත් රිපෝට් කරනවා.සමහර ඒවට මටම තනියම හිනා යනවා.තවත් සමහර ඒවට ජොලියට රිප්ලයි comments මම දානවා.තවත් සමහර කමෙන්ට්ස් තියනවා ඒවා මටත් හොඳ නැත්නම් සමාජයටත් හොඳ නැත්නම් මම රිපෝට් කරලා දානවා.එහෙමත් බැරිම නම් ඒ පුද්ගලයාට තේරුම් කරලා දෙන්න ඕන නම් පෞද්ගලිකව මැසේජ් එකක් දාලා තේරුම් කරනවා. එහෙමත් බැරිනම් බැනලා හරි දානවා.එහෙම මම බොරුවට හිත ඇතුලේ එකක් තියාගෙන බොරු ඉවසීමක් තියන් ඉන්න කෙනෙක් නෙමෙයි.කියන්න තියෙන එක මූණටම කියලා දානවා.

ඒ කියන්නේ හිමායා කියන්නෙ කේන්ති යන කෙනෙක්ද?

ඔව් මට ටිකක් තරහ යනවා.

ජීවිතයේ වැඩිපුරම අඬපු දවස කවදද?

මගේ දෙවැනි අම්මා මගේ පොඩි අක්කා නැති වෙච්ච දවස.ගොඩක් අය හිතුවේ ඒ මගේ අම්මා කියලා.ඇත්තටම මම අම්මා කියලා තමයි සමාජ මාධ්‍ය වල පළ කළේ.මාව කුසින් වැදූ වැදුවේ නැති වුණාට මගේ පොඩි අක්කා තමයි මගේ අම්මා.මොකද මගේ අක්කලා දෙන්නා තමයි මාව උස්මහත් කළේ.මගේ අම්මා හා සමානවම ඒ දෙන්නා මට සමීපයි.

මට චුට්ටක්වත් රිද්දලා නැති එකම කෙනා තමයි නැති වෙච්ච මගේ පොඩි අක්කා.එයා කියන්නෙම ඔයා තමයි මගේ දරුවා මැණිකෙ කියලා.එයා නැතිවුණු ශොක් එකට තමයි මාව අසනීප වුණේ.ඒක තමයි මං වැඩියෙන්ම අඬපු දවස සහ මගේ ජීවිතේ මගේ හුස්ම තියනකම් මම දුක් වෙන එකම සිදුවීම.

හිමායා හිතන විදියට ගැහැණු ළමයෙක්ට තියෙන්න ඕන වටිනාම ගුණාංගය මොකක්ද?

මම හිතන්නේ ගැහැනු ලමයෙක්ට පුළුවන් වෙන්න ඕන තනියම නැගී සිටින්න.බය වෙලා අනේ ඔව් නේද කිය කිය ඔලුව පහත් කරගෙන ඉන්න එකට මම කැමති නෑ.මම කියන්නේ නෑ ගැහැණු ළමයෙක් රෙද්ද කඩාගෙන හැසිරෙන්න ඕන කියලා.ඒක නෙමෙයි මම කියන්නෙ,ගැහැණු ළමයෙක් නිර්භීත වෙන්න ඕන.බය නැතුව කතා කරන්න පුළුවන් වෙන්න ඕන.සංවර වෙන්න ඕන.පිරිමියෙක් එක්ක කරට කර වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන.ඒ quality එක මනුෂ්‍යත්වයෙන් තියෙන්න ඕන.
සමහර අයට වයිෆ් කෙනෙක් වුණාම අනියම් සම්බන්ධතා තියෙනවා.අම්මලා දරුවන්ට හොරෙන් වෙන තාත්තලා තියාගන්නවා.ඒ වගේ දේවල් නැතුව හොඳ විදියට ජීවත් වෙන බිරින්දෑවරුන්ව මම අගය කරනවා.

හිමායා තනිකඩයිද? කෙනෙක් ඉන්නවද?

ඔව් මට ඉන්නවා.මම ආදරය කරනවා.මම කොතැනකදී වත් ඒක හංගලා නෑ.මට ආකර්ෂණය ඕන වුණා කියලා මම තනිකඩයි කියලා කියලා නෑ.අපි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

එයා ගැන පුංචි විස්තරයක් අපිට කියන්න කැමතිද?

එයාට ගොඩක් තරහ යනවා.මාව කන්ට්‍රෝල් කරගන්න එහෙම කෙනෙක් ඕන කියලා මම හිතනවා.මොකද මං ටිකක් හිතුවක්කාර චරිතයක්.හැබැයි මං ආශ්‍රය කරන අය දන්නවා මගේ ගතිගුණ ගොඩක් හොඳයි,මානුෂීයයි.මිනිස්සුන්ට හරි ඉක්මනට මම රැවටෙනවා.මට වැඩිපුර කේන්ති යන්නෙත් ඒ නිසා කියලයි මම හිතන්නේ.ඒත් එයා මාව controll කරනවා.ඇත්තම කිව්වොත් මට වැඩිය එයාට මොලේ තියෙනවා.

දෙවෙනි ඉනිමෙ සොනාලි ටීචර්ගෙ චරිතයට තාමත් ප්‍රතිචාර ලැබෙනවා ද ?

ඒක තමයි මගේ මාක් එක.සොනාලි ටීචර්ව මිනිස්සුන්ව කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි.මට තාමත් මිනිස්සු කතා කරන්නේ ඒ නමින්.මිනිසුන්ගේ මනසට ඒක තැන්පත් වෙච්ච දෙයක්.අපි අහිංසට ආදරේ කළා වගේ,චන්න පෙරේරා කිව්වම පැතුම් ට ආදරේ කළා වගේ,මංජුලා කුමාරි කිව්වම ඕලු ට ආදරේ කරා වගේ එහෙම චරිතයක් තමයි සොනාලි ටීචර්.ඒ ප්‍රතිචාර වල වෙනසක් නෑ.ඒ ආදරේට මම හරිම ලෝබයි හරි කැමැතියි.

හිමායා ගේ ජීවිතය තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

මට හැමදාම තියන ලොකුම බලාපොරොත්තුව තමයි හොඳ යහපත් විදියට ජීවත් වෙන එක.මගේ පරමාර්ථය තමයි මගෙන් කාටවත් හානියක් වෙන්න ඕන නෑ කියන එක.මම හෙට මැරුණත් සතුටින් මැරෙනවා කාටවත් අයහපතක් නැතුව.

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

43d30a45 0c96 4903 b6d9 39ec471d2375
aba10b9b 92d3 47a2 a953 20faea8a6b8e
c353dafc beef 4ef1 a3bf 624049867071
38e94a79 f7b7 410f 9171 50133d2295cb
e9db62ad bdba 4824 9aa8 c13d067a7d11 1
0bd008cf 9c8f 4d6a a79d a51e582f829e
58af692e 6a2e 4001 8445 9be87326d691
9ca44ed6 27f4 46d3 a4af 74cd0c5a8375 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !