spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මගේ ළමා කාලයේ ඉඳන් හීනයක් තිබ්බා නිළියක් වෙන්න

සුලෝචනා වීරසිංහ කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය ටෙලිනාට්‍ය,සිනමා ක්ශේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්නවා වගේම වේදිකාව තුළත් දිදුලන තරුවක් බව සියලු දෙනා දන්නවා.ඉතිං මේ නිහතමානි කලාකාරිණියව අද අපි කතා බහකට සම්බන්ධ කරගත්තේ මෙලෙසින්..

ආයුබෝවන් සුලෝචනා!

ආයුබෝවන්!

ඉතින් කොහොමද මේ දවස් වල?

හොඳින් ඉන්නවා.හැබැයි ඉතා හොඳින් කියන්න නම් බෑ.මොකද මේ රටේ තත්වෙත් එක්ක,අපි ගොඩක් හොඳින් ඉන්නවා කියන්නේ මානසිකව අපි අපිවම රවට්ට ගන්නවා කියන එක.ඒ නිසා සාමාන්‍ය විදිහට ඉන්නවා..මොකද මේ රටේ වෙන දේවල් එකක්වත් යහපත වෙනුවෙන් සිද්ධ වෙන දේවල් නෙමෙයි.ඒත් බලාපොරොත්තු නැති කරගෙන ජීවත් වෙන්නේ නෑ.

ජීවිතය ගැන මොකක්ද සුලෝචනා හිතන්නේ?

මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු එක ගැන සතුටු වෙනවා.ඉතින් මේ ලැබුණු ජීවිතය ඇතුළේ අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.ඉතින් ඒ අවශ්‍ය දේවල් කරන්න ලෑස්ති වෙමින් යන ගමනක් තමයි මේ

කවදහරි හිතුවද මම නිළියක් වෙනවමයි කියලා?

මගේ ළමා කාලයේ ඉඳන් මගේ හීනයක් තිබ්බා නිළියක් වෙන්න.ඉතින් මේක ආරම්භ වෙන්නේ මගේ විශ්ව විද්‍යාල ජීවිතෙන්.

ලංකාවේ ඉන්න දක්ෂම තරුණ නළුවෙක්ගෙ නමක් කියන්න කිව්වොත් ඔබ කාවද යෝජනා කරන්නෙ?

ගොඩක් අය ඉන්නවා.ඒ අතරින් අංජන ප්‍රේමරත්න,ජගත් මනුවර්ණ කියන්න පුළුවන්

සුලෝචනා වීරසිංහ කොහොමද ක්ෂේත්‍රයට එන්නේ?

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ වේදිකා නාට්‍ය රංගනයෙන්.කැලණිය විශ්වවිද්‍යාලයේදී කරපු නාට්‍යයකින්.ඒ වේදිකා නාට්‍යයේ නම පෙම්වතා නැති වෙලා කෙටි වේදිකා නාට්‍යය

කවදද ජීවිතයේ වැඩිපුරම අඬපු දවස?

මගේ ජීවිතයේ වැඩිපුරම දුක්වුණු දවස තමයි මගේ ඥාති නැගණියකගේ වියෝව.එදා මම සෑහෙන්න ඇඬුවා.අදටත් මතක් වෙනකොට දුකයි..

ආයෙමත් සුලෝචනාගෙ ජීවිතයේ ආපස්සට යන්න අවස්ථාවක් ලැබෙනවා නම් ජීවිතේ තියන වෙනස් කරන්න හිතෙන තැනක් තියනවද?

මට එහෙම තැනක් ගැන හිතාගන්නවත් බෑ.මම මේ ජීවිතයේ ඉදිරියට ආවේ ගොඩක් බාධක හැල හැප්පීම් මැද්දේ.ඉතින් මට ආපු හැම බාධකයක් ම හැම අභියෝගයක්ම මම පන්නරයක් කරගෙන තමයි අද මේ තැන ඉන්නේ.ජයග්‍රහණ පසුබෑම් දුක සතුට හැමදේම මගේ ජීවිතය තුළ තියෙනවා.ඉතින් ඒ හැමදේම ශක්තියක් විදියට මම හිතුව නිසා එහෙම එක තැනක් වෙනස් කරන්න ඕන කියලා මට හිතාගන්න බෑ..

සුලෝචනා ආසම ෆැෂන් එක මොකක්ද?

ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි.ගෑනු ළමයි පිරිමි ළමයි ඔක්කොම කැමතියි ලස්සනට අඳින්න ලස්සනට ඉන්න.මමත් ලස්සන ගැන හිතනවා,හැබැයි මම ගොඩක්ම ලස්සන වගේම මගේ පහසුව ගැනත් හිතනවා.එහෙම බලපුහාම මම ගොඩක් කැමතියි ඩෙනිම්ස් එක්ක ටී ශර්ට්ස් වලට.

රංගන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ? මොකක්ද මේ රංගනය කියලා කියන්න?

රංගනය කියන්නේ පුළුල් පරාසයක දිවෙන විෂයක්.ඒක නිසා මම කිසිම විදිහකින් රංගන ක්ෂේත්‍රය පටුයි කියලා හිතන්නෙ නෑ.මේක ඇතුලෙ සෑහෙන්න දේවල් තියනවා අපිට ඉගෙනගන්න.ක්ෂේත්‍රය ගැන හොඳ අධ්‍යනයකින් අනතුරුව ක්ෂේත්‍රයට ආවොත් ක්ෂේත්‍රය තුළ දිගු කාලීන පැවැත්මක් තියෙනවා.මම වඩාත්ම කැමති දේ තමයි රංගනය ඒක තමයි මගේ විෂය.මම මියැදෙන කල්ම නියැලෙන්න ආස දේ තමයි රංගනය කියලා කියන්නෙ.මට ලැබෙන හැම චරිතයකටම මම වගකීමෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා.

හිතේ තියන් ඉන්න චරිතයක් එහෙම තියෙනවද මේ වගේ චරිතයකට මට ආරාධනාවක් ලැබුණොත් හොඳයි කියලා?

මං හිතන්නේ ගොඩක් අය කැමතියි විවිධ චරිත රඟපාන්න.චරිතාංග නිළියක් විදියට මම ආසයි බන්ධනාගාර රැඳවියෙකු ගේ චරිතයකට ආරාධනාවක් ලැබෙනවා නම්.ඒ වගේම ආසයි මානසික ව්‍යාකූල තත්ත්වයක් තියෙන චරිතයක් රඟපාන්න.තවත් ආසයි පෙරළිකාර දේශපාලන චරිතයක් රඟපාන්න.

සුලෝචනාගෙ පවුලේ විස්තරත් කියමු?

මම විවාහකයි.මගේ පවුලේ මමයි මගේ සැමියයි මගේ දුවයි තමයි ඉන්නේ..දුවට දැන් වයස අවුරුදු හයයි.මගේ සැමියා වෘත්තියෙන් කැමරා ශිල්පියෙක්.

ඉදිරියේදී කරන්න තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද ජීවිතේ?

ලොකුම බලාපොරොත්තුව තමයි මගේ දුවව අධ්‍යාපනය අතින් වගේම එයාගේ හැකියාවන් අතින් එයාව යවන්න පුළුවන් උපරිම තැනට යවන එක.ඊලඟට මම නියැලෙන්න ආස සහ මම කැමති දේ රංගනය නිසා තෝරාගත් නිර්මාණ වෙනුවෙන් මිනිසුන්ගේ මතකයේ රැඳෙන චරිත වලට රංගනයන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

සංවාදය – සචිනි සත්සරණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?