spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මගේ ජීවිතයේ ලොකුම අභියෝගය තමයි මම අවුරුදු දහනවයෙන් විවාහ වෙච්ච එක

යූටියුබ් කියන්නේ මේ වෙනකොට දැවැන්ත ක්ෂේත්‍රයක්.මේ ක්ෂේත්‍රය තුළ ඉහළින්ම ඉන්න තරු බොහොමයි.ඒ අතර ලකයි සිකයි ඉහලම තැනකින් ඉන්නවා කිව්වොත් හරි.අද අපි අපේ කතාබහට සම්බන්ධ කරගත්තේ ලකා කියන චරිතයෙන් යූටියුබ් වල ඉහළම ස්ථානයක ඉන්න ලක්මාල් ධනුෂ්ක වීරසිරිව.අපේ සුන්දර කතාබහට ඔහු නිහතමානීව පිළිතුරු දැක්වූයේ මේ විදියටයි.

ලක්මාල් ආයුබෝවන් !

ආයුබෝවන් !

ලක්මාල් කොහොමද මේ දවස් වල?

මේ දවස්වල කොහොමද කියන එක තමයි තේරෙන්නේ නැත්තේ.කොහොමද කියන එකට දෙන්න උත්තරයක් මට හිතාගන්න බෑ.

ලක්මාල් මේ දවස් වල වැඩ නතර කරල ද තියෙන්නෙ එහෙම නැත්නම් වැඩ එක දිගට කරගෙන ගියාද නැත්නම් වැඩ නැද්ද?

එහෙම නෙමෙයි මේ දවස් වල වැඩ නතර වෙවී යන සීන් එකක් තියෙන්නෙ.ඒ කියන්නෙ කතා කරපු වැඩ සමහර ඒවා නතර වෙනවා,අලුතින් වැඩ කතා කරනවා,ඒවා ආයෙ නතරවෙනවා.මේ තියෙන සිටුවේශන් එකත් එක්ක ඇත්තටම හැමදේම අස්ථාවරභාවයක් එක්ක තමයි තියෙන්නේ.ඒක තමයි මේ හැමදේටම හේතුව.වැඩක් වුණත් අන්තිම මොහොතෙ කෙරෙනකම් විශ්වාස කරන්න බෑ.හේතුව මේ ප්‍රශ්න නිසා.ඉතිං අමාරුවෙන් තමයි ඇදගෙන යන්නේ.

ලකයි සිකයි පටන්ගන්නෙ ලක්මාල්.ලක්මාල් කියන චරිතය මොන වගේද?කව්ද ලක්මාල් කියලා කියන්නෙ?

ලක්මාල් කියන චරිතය මොන වගේද කියලා කියන්න මම සුදුසු නෑ ඇත්තටම.ඒක අනිත් අය තමයි තේරුම් ගන්න ඕන.මට මම..ඕක තමයි කියන්න තියෙන්නෙ.මගේ හැකියාවන් ගත්තම මට නිර්මාණ හැකියාව තියෙනවා,පිටපත් ලියන්න සින්දු ලියන්න වගේ.රඟපාන්න,නිවේදනයට,අධ්‍යක්ෂණයට,වෙළඳ දැන්වීම් නිර්මාණය කරන හැකියා ඒ අතර තියෙනවා.ඉතින් මට මම හොඳයි හැමදාම.අනිත් අය තමයි මං කොයි වගේ කෙනෙක්ද කියලා කියන්න ඕන.

ලකයි සිකයි පටන් ගත්තෙ කොහොමද මොකක්ද මුල?

ඇත්තටම එහෙම ලොකු දුරක් හිතලා පටන් ගත්තු දෙයක් නෙමෙයි මේක.විනෝදෙට වගේ video clips හතරක් විතර අරගෙන යූටියුබ් එකට ෆේස්බුක් එකට දාලා බැලුවා..එහෙම තමයි මේ වැඩේ පටන් ගත්තේ.නොහිතපු විදියට වැඩේ පත්තු වුණා,ඊට පස්සේ දිගටම කරගෙන ගියා.

ලක්මාල් වීරසිරිගේ මාධ්‍ය ජීවිතයේ ආරම්භය කොතැනද?

මාධ්‍ය ජීවිතයේ මුල තමයි මැක්ස් රේඩියෝ එක.මාධ්‍ය වෘත්තියක් විදියට පටන් ගත්තේ තැනින්.ඊට පස්සේ මැක්ස් ටීවී.ඊට පස්සේ හිරු එෆ් එම්.එතනින් එහාට රැකියාවක් විදියට ආයතනගත වෙන්න වැඩ කරන්න ගියේ නෑ.ඒත් හඬ කැවීම් කටයුතු වලට වැඩසටහන් වලට වගේ නම් චැනල් වලට ඕන තරම් සම්බන්ධ වෙලා නම් තියෙනවා නිදහස් මාධ්‍යවේදියෙක් හැටියට.

ඇයි ලක්මාල් තනියම ගමනක් යන්න හිතුවේ?

එතකොට අපි ස්වාධීනයි.මොකද මට හිතට එකඟව මගේ ගමන තීරණය කරගන්න පුලුවන් එතකොට.තීරණ ගන්න මම.මම නිවේදකයෙක් ද වෙන්නේ නැත්නම් මම අධ්‍යක්ෂකවරයෙක් ද වෙන්නේ එහෙමත් නැත්නම් මම කවුරු වෙනවද කියල තීරණය කරන්න මට පුළුවන්.ඒත් ආයතනගත වුණාම ආයතනයට ඕන විදියට තමයි අපි වැඩ කරන්න ඕන.ඒක තමයි එතකොට අපේ යුතුකම,එකෙන් අපි salary එකක් ගන්නවා නම් ඒ ආයතනයෙන් අපි ඒ ආයතනයට තමයි වැඩ කරන්න ඕන.ඒක සාමාන්‍ය දෙයක්.ස්වාධීනව ඉන්නකොට ඒ දේවල් නෑ.ඇත්තටම මම ස්වාධීන වුණ නිසා තමයි ලකයි සිකයි කියලා දෙයක් මේ වෙනකොට මේ විදියට තියෙන්නේ.

ලංකාවෙ තියෙන මේ social media platform එක තුලින් කෙනෙක්ට පුලුවන්ද තනියම නැගිටලා තමන්ගෙ ගමනක් යන්න?ආයතනගත වෙන්නේ නැතුව?

ඔහු ඇත්තටම පුළුවන්.

ඇත්තටම youtube වලින් ඔය කියන තරම් හම්බ කරන්න පුලුවන්ද?

මෙහෙමයි ඒක අද youtube channel එකක් පටන් අරගෙන මාසෙකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.යූ ටියුබ් ගැන ගොඩක් අයට තියෙන්නෙ වැරදි අවබෝධයක්.ගොඩක් අය හිතන් ඉන්නවා වීව් එකකට රුපියලක් සත 50ක් වගේ ඇඩ් වෙනවා කියලා.ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ,අපේ වීඩියෝස් වලට වැටෙන වෙළෙඳ දැන්වීම්වලට ඩොලර් ශත ගානක් ඇඩ් වෙනවා.ඕක එකතු වෙලා තමයි මාසෙකට අපිට යූටියුබ් revinue එකක් හැදෙන්නෙ.ඉතින් ඕක දැනෙන ගානක් වෙන්න ටික කාලයක් යනවා.

සාමාන්‍යයෙන් කොච්චර කාලයක් විතර යනවද youtube channel එකක් ස්ථාවර වෙලා හොඳ ගානක් හම්බකරන්න?

ඒක ඉතින් ඒ youtube චැනල් එකේ හැටියට තමයි.channel එකේ දාන නිර්මාණ වල හැටියට,ඒ නිර්මාණ මිනිස්සු වැළඳ ගන්න විදියෙ හැටියට,ඒ revinue එක හැදෙනවා.වැඩේ කියන්නේ මිනිස්සු වැළඳගන්නේ ආකර්ෂණීය නිර්මාණනෙ.ඉතින් මිනිස්සු වැළඳගන්න මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න පුලුවන් නිර්මාණ බිහි කරන කෙනාට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්.

ලක්මාල්ගේ ජීවිතයේ මේ වෙනකන් ආපු ලොකුම අභියෝගය මොකක්ද?

මගේ ජීවිතයේ ලොකුම අභියෝගය තමයි මම අවුරුදු දහනවයෙන් විවාහ වෙච්ච එක

ඇයි විවාහය අභියෝගයක් වුණේ?

අවුරුදු දහ නමයෙන් විවාහ වෙනවා කියන එක ම අභියෝගයක්.ඒකට හේතු තිබුණා.හැබැයි කෙනෙක්ට අවුරුදු දහ නමයෙන් එකපාරට බැන්දේ ඇයි කියලා කියනකොට මතක් වෙන හේතු නම් නෙමෙයි ඒ.අපි දෙන්නට ලොකු දුව හම්බෙනකොටත් දෙන්නටම වයස විසි දෙකයි.අපි දෙන්නට බඳින්න ඕන වුණා.ඒ නිසා අපි දෙන්න දහනමයෙන් බැන්දා.

ලක්මාල් වීරසිරිගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක මොකක්ද?

මං හිතන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි මම ආයතනගත මාධ්‍ය ජීවිතයෙන් ඉවත් වීම.හිරු එෆ්.එම් එකෙන් අයින් වුන එක.

ඇයි හිරු එකෙන් අයින් වුණේ?

පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා.ඒ නිසා මට හිරු එකෙන් අයින් වෙන්න සිද්ධ වුණා.නමුත් මං හිතනවා එහි සිද්ධ වෙච්ච දේ තමයි මගේ ජීවිතේට ලැබුණු ලොකුම ආශිර්වාදය.ඉතින් මම අදටත් හිරු එකට ඒකට ගරු කරනවා සහ මම මාර ආදරෙයි.මම අද මේ මෙතැන ඉන්නේ හිරු නිසා.මට පඩියකුත් දීලා හොඳ පෝස්ට් එකක් දුන්න තැන තමයි හිරු කියලා කියන්න.හිරු කියන්නේ මට හොඳ පාඨමාලාවක් දුන්න තැනක්.

මොකද හිතන්නේ සෝෂල් මීඩියා ගැන?

සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම හොඳ දෙයක්.මගේ අදහස ඉතින් සෝෂල් මීඩියා කියන්නේ වහ වගේ තමයි.ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන.පළිබෝධනාශකත් එහෙමයි,ඒක පාවිච්චි කරන්නේ වල් විනාශ කරන්න,ඒත් ඒක බිව්වොත් සෑහෙන්න අවුල්.ඉතින් සමාජ මාධ්‍යත් අවශ්‍ය දේට විතරක් පාවිච්චි කරාම හොඳයි.පොදුවේ ගත්තොත් social media කියලා කියන්නේ සමාජයට යම් බලපෑමක් ඇති කරන දෙයක් වෙලා තියෙනවා.ඒක හොඳයි හොඳ දේට පාවිච්චි කරනවා නම්.

අලුතින්ම youtube channel එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මොකක්ද දෙන්න තියෙන උපදෙස?

තමන් පටන් ගන්න youtube channel එකේ content එක ගැන සැලකිලිමත් වෙන්න ඕන.මිනිස්සු මේක කොයිතරම් දුරට වැළඳ ගන්නවා ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන.වැදගත්ම දේ තමයි තමන් කරන නිර්මාණයට අවංක වෙන්න ඕන.අවංක උනාට වුණාට පස්සේ ඒ වැඩේ කරන්න පුළුවන්.මම කාට උනත් කියන්නේ මුදල් උපයන පරමාර්ථයෙන් youtube channel එකක් පටන් ගන්න එපා.

කර කර ඉන්න රස්සා දමලා ගහලා youtube channel එකක් පටන් ගන්න එක බොරු වැඩක්.වෙන මොනා හරි වැඩක් කරගෙන යන ගමන් youtube channel එකක් පටන් අරගෙන ඒක පත්තු කරගන්න එක තමයි වැඩේ.යූටියුබ් revenue එකෙන් තනියම මැච් එක ගහන්න බෑ.ඒක එහෙම ලොකු ගානක් නෙමේ.සමහර වෙලාවට අපිට නං ඒක අපේ නිර්මාණ ටික කරගන්නත් මදි.එහෙන් ගත්තා මෙහෙන් දුන්න වගේ වැඩක් තමයි තියෙන්නේ.ඒත් අපිට ඒකත් මදි.අපි වෙන වෙන ඇඩ්වර්ටයිසින් දේවල් වලින් තමයි අපි මුදල් උපයන්නේ.ඒක තමයි ඉතින් කතාව.

ලක්මාල්ගෙ ජීවිතේ ඉදිරියට තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

ඇත්තටම බලාපොරොත්තු නම් එමටයි.මේ යන පාත් එකේ මේ යන ක්ෂේත්‍රයේ මට ඉදිරියට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි චිත්‍රපටයක් කරන එක.බයිස්කෝප් එකක් කරන එක.ඒත් ඒකට අපි සූදානම් වුණාට රටේ වාතාවරණය ඒකට සූදානම් නෑ.එහෙම තත්වයක් තියෙන කොට අපිට මේ වෙනකොට රුපියල් ශත ගැන සෑහෙන්න හිතන්න වෙලා තමයි තියෙන්නේ.ඒ නිසා බ්‍රේක් එක ගහගෙන ඉන්නවා.නමුත් ඒක බලාපොරොත්තුවක්

සංවාදය -සචිනි සත්සරණි-

41674db2 18fa 4c58 b656 901cb8c48b99
38a4f126 f3bd 4d92 9eea 7af089582332
05530e99 d38b 4c7f a530 b1fa01413b03
ea9ae973 e60b 4649 8a39 f3a60d98b1d8
FB IMG 1652256115028
FB IMG 1652256079086
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?