spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මං කිසිම දේශපාලන පක්ෂයකටවත් කිසිම දේශපාලන නායකයෙක්ටවත් කඩේ ගිහින් නෑ

විශ්ව ලංකා කියන්නෙ නිවේදකයෙක් විදියට රටේ ජනතාව බොහෝ ආදරය කරන කෙනෙක්.නිවේදකයෙක් විදියටම නෙමෙයි,ඔහුව අපිට විටින් විට රංගන ශිල්පියෙක් විදියටත් දැක ගන්න හැකියි.ඔහුගේ නිහතමානීකම ඇත්තටම ඔහුගේ ගමනේ සාර්ථකත්වය කියලා හිතන්න පුළුවන්.මොකද විශ්ව ලංකා කියන්නෙ ඒ තරම්ම සොඳුරු කලාකරුවෙක්.අද අපි කතා බහක යෙදුණේ විශ්ව ලංකා සමඟින්..

විශ්ව…ආයුබෝවන්!

ආයුබෝවන්!

කොහොමද විශ්ව මේ දවස් වල?

අලුත්ම programme එක පටන් ගන්නවා 60 plus.
ඊට අමතරව මගේ production එකක් පටන් ගන්නවා.ඒකෙත් මූලික අදියරේ වැඩ ටික මේ දවස් වල කරගෙන යනවා.shooting කරගෙන ගෙදර වැඩත් කරගෙන ඉන්නවා

කොහොමද ජීවිතේ?

හොඳයි කියන්න නම් බෑ. හැමෝටම ප්‍රශ්න,හැමෝටම අර්බුද.ඒ ප්‍රශ්න අඩු වැඩි වශයෙන් මටත් බලපාල තියනවා.ඒ නිසා ඒවට මූණ දීලා දීලා ඒවත් එක්ක ජීවත් වෙනවා.

පහුගිය දවස් ටිකේ නිහඬ වෙච්ච නිසා ගොඩක් අය කියනවා විශ්ව දෙරණින් අයින් වෙලා කියලා. මොකද්ද ඒ කතාව?

අපෝ නෑ මං දැනුත් දෙරණේ ඉන්නේ.මොකද මට covid හැදුනා.මම හුඟක් අසාධ්‍ය තත්ත්වයට පත් වුණා.දැඩි සත්කාර ඒකකයේ දවස් හතක් හිටියා.ඒක ගොඩක් අය දන්නේ නැහැ.මට ඩොක්ටර්ස්ලා කිව්වේ මාස දෙකක් රෙස්ට් කරන්න කියලා.ඉතින් මට මගේ ආයතනයෙන් මට අවශ්‍ය කරන නිවාඩු පහසුකම් සලසලා දුන්නා.මං rest කලා.ඊට ටික දවසක් යනකොට අරගලය නිර්මාණය වුණා.ඊට පස්සේ මම අරගලය එක්ක වැඩ කරා.ඒ අතරේ මට ආයතනයේ වැඩ නම් ටිකක් මග හැරුණා.හැබැයි නැවතත් දැන් ආයතනයේ වැඩ පටන් ගත්තා.

විශ්වට මුහුණ දෙන්න වුණ ජීවිතයේ සංවේදීම සිදුවීම මොකක්ද?

මගේ දරුවෝ දෙන්නම ඉපදිච්ච වෙලාවේ එයාලා ජීවත්වීම හා මරණය අතර හිටියෙ සටනක.ඒක තමයි මගේ ජීවිතේ සංවේදීම මොහොත.දෙන්නටම ඒ ප්‍රශ්නෙ ඉපදෙනකොට තිබ්බා.හැබැයි දැන් එයාල හොඳට ඉන්නවා.

මම නිවේදකයෙක් වෙනවමයි කියලද පොඩි කාලේ ඉදන් හිතාගෙන හිටියේ?

එහෙම තිබ්බෙ නෑ.හැබැයි රඟපාන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා.රඟපාන්න ආව ගමනෙදි එක තැනකදි තමයි මට නිවේදකයෙක් වෙන්න අවස්ථාව හම්බවෙන්නෙ.

ඇත්තටම මාධ්‍ය ක්ෂේත්‍රය කොහොමද ?

මේක පුළුල් දෙයක්.මේක ඇත්තටම හොඳම ක්ෂේත්‍රයක් හැබැයි ඒක හරියට පාවිච්චි කරනවා නම්.මං විශ්වාස කරනවා මං ඒක හරියටම පාවිච්චි කරනවා කියලා.අලුතින් එන කෙනෙක්ට හොඳ අත්තිවාරමක් දාගෙන ආවොත් මාධ්‍ය ක්ෂේත්‍රයේ හොඳ පැවැත්මක් තියෙනවා.

විශ්ව පහුගිය ටිකේ වෙච්ච සිදුවීම් එක්ක මොකද හිතන්නේ ලංකාවේ දේශපාලනය ගැන?

ලංකාවේ දේශපාලනයක් නෑ.ලංකාවෙ තියෙන්නේ තනිකරම පවුල් පාලනයක්.ලංකාවේ දේශපාලනයක් තිබුණා නම් මේ රටට මෙහෙම වෙන්නෙත් නෑ.ඒ නිසා දේශපාලනය ගැන කතා කරන්න වචන අතාරින එකත් හරි අපරාධයක්.

System change එකකින් ලංකාව ගොඩගන්න පුළුවන් වෙයිද?

ඇයි බැරි..ලංකාව ගොඩ ගන්න පුළුවන් කෘෂිකර්මාන්තයේ සිස්ටම් චේන්ජ් එකක් කලොත්..ලංකාව ගොඩ ගන්න පුළුවන් සංචාරක කර්මාන්තයේ සිස්ටම් චේන්ජ් එකක් කළොත්..ධීවර කර්මාන්තයෙත් එහෙමයි.ලංකාව ගොඩ දාගන්න පුළුවන් ලංකාවට ආදරේ කරන මනුස්සයෙක්ට.එහෙම කෙනෙක්ට ලංකාව ගොඩදාන්න මහ කාලයක් යන්නේ නෑ.අවුරුද්දක් ඇති.හැබැයි වැඩේ තියෙන්නේ එකෙක්ටවත් ඒකට අවශ්‍යතාවයක් නෑ.

විශ්ව පහුගිය දවස් වල අරගලයත් එක්ක වැඩ කළා.ෆේස්බුක් ලයිව් ඇවිත් මිනිසුන්ව දැනුවත් කළා.විශ්වට බලපෑම් ආවද?

ලොකුවට එහෙම බලපෑම් ආවෙ නෑ.මොකද මම හරි තැන හිටිය නිසා වෙන්න ඇති.මං කිසිම දේශපාලන පක්ෂයකටවත් කිසිම දේශපාලන නායකයෙක්ටවත් කඩේ ගිහින් නෑ.මම කවදාවත් යන්නෙත් නෑ.දේශපාලනයෙන් මම රුපියලක දෙයක් හම්බ කරලත් නෑ.මම හරි දේ කතා කරනවා ඒක මගේ හැටි.

විශ්ව වැඩිපුරම කැමති රඟපාන්න ද නිවේදනයට ද?

ඒක හරියට වැඩිපුරම කැමති අම්මට ද තාත්තට ද අහනවා වගේ ප්‍රශ්නයක්.අපි ඒක අතාරිමු

විශ්වගේ ඉදිරි වැඩ ගැනත් අපි කතා කරමු..

ඉදිරියේදී අලුත් වැඩසටහන් කීපයක්ම නිර්මාණය වෙමින් පවතිනවා.ඒවට දායකත්වය ලබා දෙන්න කටයුතු කරනවා.ඉදිරියට එන්න මගේ production එකක් තියෙනවා චිත්‍රපටියක් තියෙනවා.ඊට අමතරව වයඹ පළාතේ රංගනයට සහ මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වන අයට හරි විදියට වැඩපිළිවෙළක් සූදානම් කරගෙන යනවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයොත් එක්ක.ඒ ටික තමයි ඉදිරියට කරන්න හිතන් ඉන්න වැඩ

0e726861 06ff 433f 9eba d5d58563f1aa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?