spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාවනා ගල් කුටියට යන මාර්ගය අවහිර කරමින් වැටක් ගහලා (ඡායාරූප)

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු පාලම අසල භාවනා ගල් කුටියට යන මාර්ගය අවහිර කරමින් වැටක් ගසා එම ස්ථානයට ඇතුල් වීමට වෙළඳ ආයතනයක් මඟින් (වෙන්ඩොල් ආයතනය) තමන්ට ඉඩ නොදෙන බව කොත්තැල්ලෙන සුධම්මාලෝක හිමියන් පවසනවා.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන කොත්තැල්ලෙන සුධම්මාලෝක හිමියන් පවසනුයේ තමන් වහන්සේ වනවාසි ස්වාමින් වහන්සේ නමක් බවත් දැනට මාස තුනකට අධික කාලයක සිට තමන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ වසන බවත්ය.

එහෙත් පසු ගිය 12වන දින තමන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කර එදින උදැසන 8.15ට පමණ නැවත කුටියට වැඩම කරන විට එම කුටියට ඇතුල්වන මාර්ගය අවහිර කර ලීවැටක් ගසා තහඩු දමා එම මාර්ගය වසා දමා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබි ඇත්තේ ඒ අසල ඉදිකර තිබෙන වෙන්ඩොල් ආයතනයේ පිරිසක් මෙය සිදු කර ඇති බවය.

ඒ පිළිබඳව ඔවුන්ගෙන් කළ විමසා බැලීමේදී මෙම ස්ථානය ස්වාමීන් වහන්සේට අයිති නැති බව පවසා තර්ජනය කර උන්වහන්සේට පහර දීමට උත්සාහ කර තිබෙනවා.

මේ සම්න්ධයෙන් නල්ලතන්නිය පොලිසියට පැමිණිලි කළත් මේ වන තෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නැති බව උන්වහන්සේ පවසා සිටියා.

මෙම ස්ථානය මෙයට පෙර ස්වාමින් වහන්සේලා භාවනායෝගිව වැඩ විසූ ස්ථානයක් බැවින් මේ පිළිබදව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ට නල්ලතන්නිය මකර තොරණ අසල වනජිවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරිතුමන් වෙතද පැමිණිලි කල අතර මේ පිළිබඳව සොයා බලන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් නල්ලතන්නිය ග්‍රාම නිලධාරි වෙත දැනුම් දිමට පියවර ගත් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

ස්වාමින් වහන්සේ තම කුටිය පරික්ෂා කිරිමෙදී කුටියේ තබා තිබු සිවුරු ඇතුළු තමන් වහන්සේ භාවිතා කළ ද්‍රව්‍ය මෙන්ම එම කුටියේ යකඩ දොරද කඩා දමා පහළට විසි කර තිබුන බවත් දැක ගන්නට හැකි වි තිබෙනවා.

තමන් වහන්සේට මේ වන තෙක් කිසිදු සාධරණයක් ඉටු නොවිම හේතුවෙන් තමන් වහන්සේ මෙම තත්වයන් පිළිබඳව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හා හැටන් සහකාර පොලිස් අධිකාරිවරයා වෙතද පැමිනිලි කිරිමට පියවර ගන්නා බවද කොත්තැල්ලෙන සුධම්මාලෝක හිමියන් වැඩි දුරටත් පවසා සිටියා.

නල්ලතන්නිය පොලිසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?