spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුලත්සිංහල, හල්වතුරේ බූරු පොලකින් යුධ හමුදා සෙබළු හතරක් ඇතුළු 15ක් අත්අඩංගුවට

බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ කලක් තිස්සේ සංවිධානාත්මකව පවත්වාගන ගිය මහා පරිමාණ සුදුපොලක් වටලා යුධ හමුදා සේවයේ නියුතු හතර දෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු 30 රාත්‍රි අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස යුධ හමුදා සේවයේ නියුතු 04 ක් සහ නිට්ටඹුව ප්‍රදේශයේ 02 ක් හා බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුධ හමුදා සේවයේ නියුතු හතරක් සහ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු හා අනෙක් පුද්ගලයින් බුලත්සිංහල හල්වතුර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ප්‍රදේශවාසින්ට හිරිහැරවන පරිදි රාත්‍රී කාලයේ විවිධ පිරිස් සංචාර කරමින් සංවිධානාත්මක ඔත්තුකරුවන් යොදවා මෙම බූරු පොළ පවත්වාගන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

විවිධ දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ව්‍යාපාරිකයින් ඇතුළු බූරු ගැසීම තම වෘත්තිය කරගත් පිරිසක් ද මෙම ස්ථානයට පැමිණ ඇතැයි ද තොරතුරු හෙළිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?