spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවේ අයෙක් චණ්ඩිකම් කරලා

පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකු තමන්ට පහර දීමට උත්සාහ කළ බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරීවරයෙකු හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා හමුවේ පැමිණිල්ලක් කර තිබෙනවා.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකුයි එම පැමිණිල්ල සිදු කර ඇත්තේ.

ඔහු උඩහගෙදර, මොරගනේ පදිංචිකරුවෙක්.

පසුගිය 08 වැනිදා, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන අයෙක් එම සභාවට පැමිණ ටිපර් රථයක් ඉල්ලා තිබෙනවා.

අතුරු මාර්ගයකට ඇතිරීමට බොරළු ප්‍රවාහනය කිරීම සදහායි ඔහු ටිපර් රථය ඉල්ලා ඇතිතේ.

ටිපර් රථයේ ඇන්ජිම පණ ගැන්වීමට නොහැකි බව කාර්මික නිලධාරීවරයා පවසා ඇති අතර එසේ නම් කැන්ටර් රථය ලබා දෙන ලෙස හිටපු සභාපතිවරයා කාර්මික නිලධාරීවරයාගෙන් ඉල්ලා ඇතත් කාර්මික නිලධාරීවරයා පවසා ඇත්තේ කැන්ටර් රථයේ ඇන්ජින් ඔයිල් නොමැති නිසා ලබා දීමට නොහැකි බවත්ය.

හිටපු සභාපතිවරයා එම අවස්ථාවේදී උරණ වී පරුෂ වචනයෙන් බැන වැදී තමන්ට පහර දීමට උත්සාහ කළ බව කාර්මික නිලධාරීවරයා සහකාර පොලිස් අධිකාරීවරයා හමුවේ කර ඇති පැමිණිල්ලේ සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?