spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගොස් අතුරුදන් වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු අතුරුදන් වී තිබුණු අතර ඒ අනුව මෙම පුද්ගලයා අතුරුදන් වූවන්ගෙන් තෙවැන්නා වෙයි.

ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙලෙස අතුරුදන් වී ඇත.

එම ක්‍රීඩකයා කොවිඩ්-19 පරීක්ෂණයට ඉදිරිපත් කර ඔහු වෛරසය සඳහා ධනාත්මක බව හඳුනා ගෙන තිබුණු බැවින් ඔහුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානයට මාරු කර යවා තිබේ.

අනතුරුව ඔහු දෙවන කොවිඩ්-19 පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් ඔහුගේ සිරුරෙන් වෛරසය ඉවත්ව ඇති බව තහවුරු වී ඇත.

පසුව ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නිදහස් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුව මධ්‍යස්ථානයෙන් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී ක්‍රීඩකයා අතුරුදන්ව ඇති බව දැනගෙන තිබේ.

ඒ අනුව, ඔවුන් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇති අතර ක්‍රීඩකයින්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩා උළෙලේ ආරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත් වන බව වැඩිදුරට ත් වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?