වැඩිහිටියන්ගේ රැකවරණය තුළ ජීවත්වන කොටසක් ලෙස ළමුන් හැදින්විය හැක. ඔවුන් ළමුන් ලෙස නිර්වචනය කරනු ලබයි.ඔවුන් වැඩිහිටියන්ගේ ආධාර සහ උපකාර මත ජීවත්වෙන පිරිසකි.
වර්තමානයේ ළමයින්ගෙන් විශාල කොටසකට ඔවුන්ගේ ළමා කාලය නිසි පරිදි ගතකිරීමට අවශ්‍යකරන පහසුකම් ලැබී නැත.
ළමයින්ට එරෙහිව අපයෝජන තත්ත්වයන් වත්මන් සමාජය තුළ සන්සන්දනාත්මකව ඉහළ අගයක් ගනු ලබන අතර විශේෂයෙන්ම ළමා අපයෝජනය සුවිශේෂී ගැටළුවක් ලෙස නූතනයේ පිළිගැනෙයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ සාලියවැව පොලිස් වසමේ ගුණරත්න වයස අවු.55 පුදගලයෙක් ඔහුගේ නිවසහී පිහිටි වත්තේ කුලි කටයුතු කිරිම සදහා අසල්වැසි කාන්තාවක් පැමිණෙන්නේ ඇගේ වයස අවු.5 වූ දැරියද සමගයි.
නිරන්තරයෙන් එහි යන එන මව සහා දියණියට මේ තමන් සේවයකරණ නිවසේ අය පිලිබද වෙනසක් දැනුනේ නැත.
පවුලේ අය මෙන්ම කුලු පගව කටයුතු කර මේ මව තම දියණිය පිලිබද දැඩී සොයා බැලිමක් නොකලේ මෙම දරුවා නිවැසියන් සමග සමීපව සිටිම නිසයි.
එසේ තිබියදී නිවසේ හිමිකරූ වූ ගුණරත්න රසීකා නම් දැරියක අවස්ථා ගණනාවක තම ගෙවත්තේ කුඹුරෙ වඩූ මඩුවේද මෙම දැරියට අතවර කර තිබේ.
මෙම දැරිය මේ බව තම පෙර පාසලේ ගුරුතුමිය දැනුවත් කිරිමෙන් පසු පොලිසිය හරහා නීතිය ක්‍රියාත්මක කෙරිණි .
එහිදී ගුණරත්න සාලියවැව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව රු.ලක්ෂ 5 ක ශරිර ඇප සහ දැරියට රු.ලක්ෂයක වන්දී මුදලක් ගෙවන ලෙස මහෙස්ත්‍රාත් නියෝග කර තිබුණි .
මෙහි එන නම් ගම් මනකල්පිත වුවද සිද්දිය සැබැවකී.
ළමා අපයෝජන ක‍්‍රියාවලිය ඉතා සංකීර්ණ ස්වභාවයක් ගන්නා අතරම එක් එක් අපයෝජන චර්යා රටාවන්ද එකිනෙකින් වෙනස්වන එකිනෙක හා සුවිශේෂී ලක්‍ෂණ සහිත තත්ත්වයක් ද පෙන්නුම් කරනු ලබයි.
මවුපියන් මෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේද වගකීම වන්නේ ලෝකය බාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. ළමා හිංසන තුළින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත් සෞඛ්‍ය හා මානසික තත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳ වැටීමත් සිදු වේ. මොවුන් පසු කලෙක සමාජයට වෛර කරන, ක්‍රෑරත්වයෙන් අනෙකා පෙළන සමාජයට අවැඩදායි පුද්ගලයන් බවට පත්විය හැකිය. එබැවින් වැඩිහිටියන් ලෙස අප දරුවන් ආදරයෙන් රැකබලා ගැනීම හා ඔවුන්ට ආදර්ශවත් වන ලෙස ජීවත් වීමට වගවිය යුතු වේ.