spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙට්‍රල් මිල රු 30 කින් වැඩි කළාට වාහන හිමියන්ගෙන් දැඩි විරෝධයක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඊයේ (01) දින මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ඉන්ධන මිල රු 30 කින් වැඩි කිරිම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව හැටන් ප්‍රදේශයේ පෙට්‍රල් වාහන හිමියන් පවසනවා.

පෙට්‍රල් ඉන්ධන මිල වැඩි විම හමුවේ තම ත්‍රිරෝද රථ වලට කුලි පදනම මත ගමන් කිරිමට කිසිවෙක් නොපැමිණෙන අවස්තාවක යලිත් පෙට්‍රල් ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ තමන් ආර්ථික වශයෙන් දැඩි අසිරුතාවයට පත් වන බවයි හැටන් ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් කියා සිටින්නේ.

මේ අතර හැටන් ප්‍රදේශයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන හිගයක් පවතින නිසා ඩිසල් ඉන්ධන ඉතා සිමිත ප්‍රමාණයක් සංචිතයේ තිබෙන ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන ලබාගැනිමට දිගු පොලිම් දක්නට ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?