spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පකිස්ථාන රජය කාශ්මීර ජනතාවගේ විදුලි සහනාධාරය නවතයි.

නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින පකිස්ථාන – කාශ්මීර ප්‍රදේශයේ විදුලිය සඳහා වූ සහනාධාරය අවලංගු කිරීමට පකිස්ථාන රජය කටයුතු කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ පකිස්ථාන රජය පකිස්ථාන – කාශ්මීරය වෙත නිකුත් කරන ලද ඒකපාර්ශ්වික ගිවිසුම හරහා තීරුබදු අවලංගු කිරීම සිදු කර ඇති බවයි.

එම ප්‍රදේශයේ විදුලි අවශ්‍යතාව වෙනුවෙන් ජලයෙන් විදුලිය නිපදවුවද තීරුබදු පැනවීමෙන් ඉන්ධන මිල හරහා ආදායමක් උපයා ගැනීමට පකිස්ථාන රජය උත්සාහ දරන බවටයි චෝදනා එල්ල වන්නේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ නිෂ්පාදනය කෙරෙන විදුලිය ඒකකයකට වැය වන මුදල රුපියල් 16ත් 22ත් අතර වනවා.

පාකිස්ථානයට අයත් කාශ්මීර ප්‍රදේශය ජල සම්පතෙන් අනූන ප්‍රදේශයක් වන අතර විදුලිය නිෂ්පාදනය අතින් ස්වයංව යැපිය හැකි කලාපයක්. එහෙත් එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලිය අවශ්‍යතාව මෙතෙක් සම්පූර්ණ කර නැහැ.

පාකිස්ථාන රජයේ ඒකපාර්ශ්වික නියෝගය දෙපාර්ශ්වය අතර පවතින ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

විචාරකයින් පෙන්වා දෙන්නේ මෙය ආණ්ඩු දෙකක් අතර ප්‍රශ්නයක් වන බැවින් එය සාකච්ඡා මාර්ගයෙන් මූලික කරුණු සහ වාර්තා අනුව විසඳා ගත යුතු බවයි.

පාකිස්ථාන රජයේ ඒකපාර්ශ්වික ක්‍රියාවට එරෙහිව පාකිස්ථානයට අයත් කාශ්මීර ප්‍රදේශයේ නායකත්වය දැඩි ස්ථාවරයක් ගෙන තිබීම යහපත් බවත් එය ජනතාවගේ හැඟීම් නිවැරදිව ප්‍රකාශ කිරීමක් බවත් විචාරකයින්ගේ අදහසයි. මෙම ප්‍රදේශය සඳහා අවශ්‍ය මුළු විදුලි ධාරිතාව මෙගාවොට් 350ක් පමණක් වන අතර දැනට ක්‍රියාත්මක විදුලි ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 4000කට වඩා වැඩි විදුලිය ධාරිතාවක් නිපදවෙනවා.

විදුලිය සඳහා ඇති අයිතිය පාකිස්ථානයට අයත් කාශ්මීර ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේද අයිතිවාසිකමක් වන අතර ඒ වෙනුවෙන් ප්‍රදේශය පාලනය කරන නායකයින් රජයේ තීරණයට එරෙහිව සහයෝගය ලබා දෙනු ඇති බවටයි විශ්වාසය පළ වන්නේ.
පකිස්ථාන රුපියල කඩාවැටීමත් සමඟ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට පාකිස්ථානය මේ වන විට මුහුණ දෙමින් සිටිනවා.
ත්‍රස්තවාදීන්ගේ නිරන්තර ඉලක්කයක් වීමට අමතරව රට මුහුණ දුන් පිටි අර්බුදය සහ දැන් මුහුණ දෙමින් සිටින විදුලි අර්බුදය ඔවුන්ගේ ගැටළු තවත් උග්‍ර කිරීමට හේතුවක් වී තිබෙනවා.

පසුගිය වසර නවය තුළ පකිස්ථානය ප්‍රධාන විදුලිය ඇනහිටීම් අටකට මුහුණ දී ඇති අතර ආසන්නතම ප්‍රධාන විදුලිය ඇනහිටීම ජනවාරි 23 වනදා සිදු වූයේ ඉස්ලාමාබාද් නගරයෙන්.

ජාතික විදුලිබල පද්ධතියේ පද්ධති සංඛ්‍යාතය ජනවාරි 23 උදෑසන අඩු වී විදුලිබල පද්ධතියේ පුළුල් බිඳවැටීමක් ඇති කළ බව බලශක්ති අමාත්‍යාංශය තහවුරු කළා.

විදුලි ඇනහිටීම කරච්චි, ලාහෝර්, ක්වෙටා, පෙෂාවර් සහ ඉස්ලාමාබාද් ඇතුළු මුළු පාකිස්තානයටම බලපා තිබුණා.
මෙම සිදුවීම හුදකලා එකක් නොවන්නේ රට නිරන්තරයෙන් විදුලි බිඳවැටීම්වලට මුහුණ දීම හේතුවෙන්. අවසන් ඇනහිටීම සිදු වූයේ 2022 ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ ප්‍රධාන විදුලි බිඳවැටීමෙන් මාස තුනකට පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?