spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොමැකෙන ගුරු තරුවක නොනැසෙන මතකය…

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට…
රැගෙන යළි වඩින්න…
ආරාධනා…

ඒ යුග යුග යා කළ නොමැකෙන හඬ පෞර්ශය තාමත් අපේ දෙසවන රැව් පිළි රැව් දෙනු ඇත. එහි සොදුරුතම උරුමක්කාරයා වූ හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ ඉදිකළ සුසාන ඝරයක තැන්පත් කිරීම අමරදේව පදනම මගින් සිදුකෙරිණි.


මෙහි විශේෂත්වය වූයේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින ‘අමරදේව සංගීත හා පර්යේෂණ කලා කේන්ද්‍රයෙහි’ (අමරදේව අසපුව) අමරදේවයන්ගේ සහ එතුමන්ගේ බිරිඳ වූ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් ද එහි ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සැලසුම් කර තිබිමයි.


එසේම අමරදේවයන් අභාවප්‍රාප්ත වී වසර 6ක් සම්පූර්ණ වූ අතර, එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලින් පසු මේ දක්වා එම භෂ්මාවශේෂත්, ඉකුත් වසරේ මාර්තු මස අභාවප්‍රාප්ත වූ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂත් මෙතෙක් එම මල්ශාලාවේ තැන්පත් කර තිබිණි.


ඉතා සරළ උත්සවයකින් පසු පසු මෙම භෂ්මාවශේෂ තැන්පත් කිරීම සිදුකෙරුණු අතර එහිදී ආචාර්ය නන්දා මාලිනිය විසින් අමරදේවයන්ගේ භෂ්මාවශේෂත්, අමරදේවයන්ගේ වැඩිමහල් දියණිය වන ප්‍රියංවදා අමරදේව මහත්මිය විසින් විමලා අමරදේව මහත්මියගේ භෂ්මාවශේෂත් මෙහ තැන්පත් කරන ලදී.එසේම පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ බාල දියණිය වන සුභානි අමරදේව මහත්මිය සහ පුත් රංජන අමරදේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙම සුසාන ඝරය ඉදිකිරීම සඳහා අමරදේවයන්ගේ ශිෂ්‍යාවක ද වන ආචාර්ය නන්දා මාලිනී මහත්මිය මුදල් ලබාදුන් බවත්, වෛද්‍ය සර්ධා මහතා ද ඒ වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ බවත් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?