spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝදී ජංගම දුරකථනයක් භාවිතා කිරීම හේතුවෙන් දනීෂ් අලීට සිර දඩුවම්

2022.07.27 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂණ භාරයට පත් කරන ලද දනීෂ් අලී නැමති සැකකරු නව මැගසින් බන්ධනාගාරයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර නීති රීති වලට අනුව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ 2022.08.04 වන දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම සැකකරු එම චෝදනාව කොළඹ අති‍‍රේක දිසා විනිසුරුතුමා ඉදිරියේ වරද පිලිගැනීමෙන් පසුව වරදකරු බවට පත් වී දින 14 ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන,මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?