spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිධානයකින් ලබා ගත් පුරාවස්තු සමඟ තිදෙනෙක් දැලේ (ඡායාරූප)

ඊයේ (22) කළුතර උතුර පොලිස් වසමේ පිහිටි හෝටලයක රථ ගාලක් අසලදී පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර තිබෙනවා

මෙම වැටලීමේදී නිධානයකින් ලබා ගත් බවට සැක කෙරෙන පුරාවස්තු විකිණිම සදහා ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සෞඛ්‍ය හේතුන් මත යුධ හමුදාවෙන් විශාම ගැන්වු වයස අවුරුදු 34 ක හමුදා සෙබළෙක් වන අතර අනෙක් දෙදෙනා වයස අවුරුදු 36ක් හා 42 ක් වන ගන්දර හා කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීමේදී මෙම භාණ්ඩ කෝටි 03 කට අලෙවි කිරීමට සුදානම් කර තිබු බව අනාවරණය වි තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර උතුර පොලිසිය හා පානදුර මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

https://youtu.be/CdBCYJTieUk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?