spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාවික හමුදා කපිතාන් ලෙස රඟපා මුදල් කොල්ලකෑ හමුදා සෙබළෙකු සමඟ අයෙක් අත්අඩංගුවට

ඊයේ (30) මැදවච්චිය ඉකිරියගොල්ලෑව ප්‍රදේශයේදී නාවික හමුදා කපිතාන්වරයෙකු ලෙස පෙනී සිටිමින් පූනෑව නාවික හමුදා කදවුරෙන් අඩු මුදලට ඩීසල් ලබා දෙන බව පවසා මැදවච්චිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් රැගෙන යතුරු පැදියකින් පළා යමින් සිටි යුධ හමුදා සෙබළෙකු සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

වංචාවට හසුවූ ව්‍යාපාරිකයා විසින් පුනැව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙසේ අත්අඩංගුවට තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරැවන් සාලියපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක ඉන්ධන බවුසර් රියදුරෙකු ලෙස සේවය කල වයස අවුරුදු 25 සෙබලෙකු සහ ඉබ්බාගමුව ප්‍රදේශයේ ටයර් වෙළඳ සැලක සේවය කරමින් සිටි 26 හැවිරිදි අයයි

මොවුන් දෙදෙනාම ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි අය බව පොලිසිය පවසයි.

සැක නොසිතෙන පරිදි අදාළ ව්‍යාපාරිකයා පූනෑව නාවික හමුදා කදවුර ඉදිරිපිට මාර්ගයට ගෙන්වාගෙන පූනෑව කඳවුරේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් මෙම මුදල් රැගෙන ඇති බව පොලීසිය පවසනවා.

ව්‍යාපාරිකයා ඒ මොහොතේ රථවාහන රාජකාරිවල යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ඒ පිළිබඳව දන්වා ඇති අතර එම පොලිස් නිළධාරීන් මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට කළ දැනුම්දීම මත ඉකිරියගොල්ලෑව ප්‍රදේශයේ දී මාර්ගය හරස් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් මීට පෙර මෙවැනිම වංචාවන් සිදුකර අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 07 ක්, තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 04 ක්, හුරිගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 09 ක් වංචා කර ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) මැදවච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?