spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නානුඔය රදැල්ල අනතුරේ බස් රථ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදා හරී

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි ඉකුත් මස (20) දින සිදු වු රිය අනතුරේ බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රු 25000/= මුදල් ඇප සහ රු ලක්ෂය බැගින් වු ශරිර ඇප තුනක් මත මුදා හැර යලිත් එම නඩුව 2023.03.02 දින කැඳවිමට නුවරඑලිය මහෙස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා (01) දින නියෝග කර තිබෙනවා.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ කුඩුඋදුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.

මෙම සැකකාර රියදුරා පසුගිය දින කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා රැගෙනවිත් ආපසු කොළඹ දක්වා බස් රථය ධාවනය කරන අවස්ථාවේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කර්බර්ග් වත්ත අසලදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු වැන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටුනා.

වැන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස්දෙනෙකු , වැන් රථයේ රියදුරා සහ ත්‍රිරෝද රථයේ රියදුරා ජිවිතක්ෂයට පත් වි බස් රථයේ සිටි පාසල් ළමුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?