spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

න්‍යෂ්ටික අවි පාලනය ගැන රුසියාවට අමෙරිකාවෙන් චෝදනා

රුසියාව සහ අමෙරිකාව අතර ඇති න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කර ඇති බවට අමෙරිකාව චෝදනා කරනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇරඹුණු සීතල යුද්ධය අවසන් වීමත් සමග න්‍යෂ්ටික අවි භාවිත කිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් 1991දී රුසියාව සහ අමෙරිකාව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹී තිබෙනවා.

මෙම ගිවිසුම හරහා අමෙරිකාවට සහ රුසියාවට යෙදවිය හැකි න්‍යෂ්ටික අවි සංඛ්‍යාව සහ ඒවා බෙදා හැරීමට ගොඩබිම් සහ සබ්මැරීන පදනම් කරගත් යානා යෙදවීම සීමා කෙරෙන අතර ස්ටාර්ට් ලෙස හැඳින්වුණු මෙම ගිවිසුම 2021 වසරේදී තවත් වසර 5ක් සඳහා දීර්ඝ කර තිබෙනවා.

නමුත් අමෙරිකාව චෝදනා කරන්නේ, ගිවිසුමට අනුව සිදු කළ යුතු පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීම රුසියාව ප්‍රතික්ෂේප කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?