නව පෙරළිය සමඟ කෘතිම බුද්ධි සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ AI Singapore අතර කෘතිම බුද්ධි (AI) සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇත. එම උත්සවය සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

AI Singapore වෙනුවෙන් ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් ලීව් මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම එළඹීම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 05ක් සපිරීමට සමගාමී වන අතර, නවෝත්පාදන සහ කෘතිම බුද්ධි තාක්ෂණය පිළිබඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ.

මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරන මෙම අවස්ථාවේ මෙම ගිවිසුම විශේෂයෙන්ම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?